Monday 21 October 2013

තම්බිගේ පයිය ගලට සෙට්වුන හැටි 18+ 13+ 21+ ඕනේ කෙනෙක් කියවන්න දැනුමට හොඳයි

ඔන්න දරුවනේ අද කෝරලේ මාමා මෙච්චර දවසකට මාතෘකාව කරගත්තේ නැති දෙයක් තමයි මේ එළිපිට කතා කරන්න යන්නේ. කුණු හරප කියනවා කියල කියනවා එහෙම නෙවෙයි. මේ කතාව ලියන්න වස්තු බීජය හම්බ උනේ අද කාලේ ජනප්‍රිය බ්ලොග් කරුවෙකු වන හැලපයියගේ මෙන්න මේ පොස්ටුව දැකලා. අද උදේ අහම්බෙන් වගේ තමයි ඔය පොස්ට් කටුව දැක්කේ. උන්දැගේ මාතෘකාවම ගෙඩි පිටින් උස්සලා මමත් දැම්මා හැබැයි මේක කොපි කිරීමක් නෙවෙයි මම කරන්නේ සාධාරණ ඉල්ලීමක්. 


කාලයක් අපේ බ්ලොග් කරුවෝ එකතු වෙලා පුක කියන්නේ කුණු හරපයක් නොවන බව නොයෙකුත් තර්ක විතර්ක ඉදිරිපත් කරමින් ඔප්පු කරා. කිව්වත් වගේ කාටත් තියෙන පුකනේ ඕක. නැද්ද මං අහන්නේ....  දැන් මේ බ්ලොග් අවකාශයේ පුක කියන වචනය එළිපිට භාවිතාවෙන වචනයක්. අපේ දේශකයා ලිව්වාවූ ලිපියකට පිලිතුරු ලිපියක් ලියන හැලපයියා ඒ ගැන අපූරුවට විග්‍රහ කරමින් පයිය කියන්නේ කුණුහරපයක් නොවන බවත් මල්ලකට බවත් පෙන්වා දී තියෙනවා. ඉතින් මම හිතන විදියට පයිය කියන වචනේ කුණු හරපයක් නෙවෙයි. උන්නැහේ ඉතින් අපේ වැඩිහිටියෙක්නේ....... කතාවෙත් ඇත්තක් තියෙනවා. අද කාලේ හැම වචනෙම කුණු හරපයක් කරගෙනනේ. බඩුව,පූසා, ගොනා, මල්ලි, නංගි, පෙට්ටිය, රත්කරනවා, කෙළිනවා(ක්‍රීඩා කරනවා),  අත පාවිච්චි කරනවා, පොල් ලෙලි ගහනවා මේ තියෙන්නේ කුණුහරප කරණයට ලක්වූ නාම පද සහ ක්‍රියාපද  කිහිපයක්. අද කාලේ සමහරක් වෙලාවට කතා කරද්දී බොහොම පරිස්සමෙන් කතා කරන්න ඕනේ මොකද දවසින් දවස කුණුහරප බවට පත්වෙන වචන ප්‍රමාණය වැඩියි. ඇට කිව්වොත් හැමෝටම මතක් වෙන්නේ එක දෙයක් විතරයි. බලන්නකෝ එකෙත් හැටි වෙන වෙන දේවල් වල (පැපොල්, දොඩම්, කොස්, ඇට කොච්චර තිබුනත්  වැඩිය ඕනේ නැහැ මේ මනුස්ස සරීරේම ඇට කොච්චර තියෙනවද ඒත් වැඩි දෙනෙක්ට මතක් වෙන්නේ දෙකක් ගැන විතරයි. හික්.... හික්..... හික්...... ඒකට කියන්න තියෙන්නේ වල් හිතට කෝකත් වල් කියල) හැලපයියා කියන වචනේ හැදෙන්නේ  හැලප + අයියා අ යන්න ලොප් වෙලා තමයි හැලපයියා කියලා භාවිතා වෙන්නේ. එකට විසඳුමක් විදියට දේශකයා යෝජනා කරලා තිබුනා හැලපීයා කියන වචනය. නමුත් හැලපයියා ඒ දේට විරෝධය පල කරලා තියෙන ආකාරය  උක්ත ලිපිය කියවූ ඔබට අවබෝධ වෙන්න ඇති. ඔය ලොප් වීම හැලපයියාට විතරක් තියෙන දෙයක් නොවෙයි උදාහරණයක් ලෙස ගමුකො දිනූපයියා දිනූප + අයියා දිලීපයියා දිලීප + අයියා. ඕනෙම දෙයක් හොඳ හෝ නරක වෙන්නේ අපි ඒ දේ දිහා බලන කෝණය අනුව. මට මතකයි සර් ආතර් කොනන් ඩොයිල්ගේ The Lost World කියන පොතේ මලෝන් (Edward Malone) නමැති මාධ්‍යවේදියා පිළිකුලෙන් දකින කිනිතුල්ලෙක් මහාචාර්‍ය චැලෙන්ජර් දකින්නේ  මොනරෙක් වගේ ලස්සනට. මේ පොඩි උදාහරණයක් විතරයි. මට ඕනේ කරන්නේ ඕනෙම දෙයක් හොඳ හෝ නරක වෙන්නේ අපි ඒ දිහා බලන කෝණය අනුව.

අපේ දමියාව කට්ටියට මතක ඇතිනේ....... හුළං ගැරඬියා නොහොත් මගේ අතිජාත ඥාති සහෝදරයා. ඉතින් මිනිහටත් හිටියා දිලීප කියල යාලුවෙක් මිනිහා අපේ නැන්දලාගේ ගෙදර ආවම මගේ සෙට් එකේ හැමෝම දිලීපයියා කියද්දී මම විතරක් දිලීප..... අයියා ලෙස වචනය කඩලා තමයි මෑන්ට කතා කරන්නේ කොහොම හරි මිනිහට ඕක මීටර් වෙලා මට හොඳ වදන් වලින් පහදලා දුන්නා පයියා යනු කුණු හරපයක්  නොවන වග. මිනිහාගේම වදන් වලින් කිව්වොත් "යකෝ උඹලගේ වල් හිතට කෝකත් වල්" (ඔන්න ඔහොමයි ඔය වල් හිතට කෝකත් වල් කියන කියමන අපේ ශබ්ධකෝශයට එකතු වුනේ.  ඇත්තටම කියනවනම් එදායින් පස්සේ  මාව බයිට් කරන්න තමයි ඔය වචනේ මගේ අපායගාමී මිත්තරයෝ ටික පාවිච්චි කලේ. මේ බ්ලොග් ලෝකෙත් ඉන්නවා එහෙම එවුන්. උන් නම් කියන්න ගල් කෝරලේ කියලා. කියන එවුන් දෙන්න දන්නවා ඇතිනේ :P) 

හැමදාම අප්පා කියන්න යන කතාවට වැඩිය යාන් හෑලි තමයි කියවෙන්නේ. පඳුරු තලන එක භයානක ලෙඩක් මේක. ඉතින් ඔය දිලීපයියා මට කියල දුන්නු කතාව තමයි මම මේ කියන්න යන්නේ එහෙනම් නමෝ විත්තියෙන් කතාවට බහිමුකෝ........ හැබැයි මේ කතාව සමහරු අහලත් ඇති නැතුවත් ඇති. මේ කතාව මට මතක් උනේ හැලපයියගේ පොස්ට් එක කියවලා කොමෙන්ටුවක දාන්න තරම් දිගවැඩි නිසයි මේ පොස්ටුවක් විදියට දාන්නේ. 

ඔන්න ඉතින් සුද්දා රට කරන කාලේ මුහුදුබඩ පළාත් සම්පූර්ණයෙන්ම වගේ පාලනය පාලනය කලේ සුද්දෝ තමයි. ඉතින් මේ කාලේ අරාබි කරයෙන් මුස්ලිම් වෙළෙන්දෝ ලංකාවට ගොඩ බැහැලා වෙළහෙළදාම් කොරලා තියෙනවා. පස්සේ තමයි මෙහෙන් කරකාර බැඳලා මෙහෙම බින්න බැහැල තියෙන්නේ මොකද අරාබියෙන් ගෑනු ගන්නවට වැඩිය අපේ රටෙන් ගන්න ලේසි නිසා. මොකද අදටත් මැදපෙරදිග කසාද බඳින්න ඕනේ පිරිමින්ට සිද්ද වෙනවා ගන්න ගෑනිට ගෑනිගේ පවුලට 


දෑවැද්දක් ගෙවන්න. මේ දෑවැද්ද ගෑනිගේ ලස්සන උගත් කම වයස අනුව අඩු වැඩි වෙනවා. (මේකත් හරියට ගනුදෙනුවක් වගෙයි සල්ලි දීලා මාර්කට් එකෙන් බඩු ගේනවා වගෙයි සල්ලි දීලා ගත්තේ තමන්ට ඕනේ දෙයක් කරන්න. ඉතින් එහෙම ගෙවල ගන්න නිසාද කොහේ ෂරියා නීතියෙනුත් පිරිමින්ට ඔය ඩිවෝස් කේස් වලිදී එහෙම ලොකු ලිහිලක් දීලා තියෙනවා. මෙහෙ ගැහැණු ළමයි හදන විදිය මට නම් පෙන්නේ මසට හරක් හදනවා වගේ කන්න බොන්න දීලා උගන්වල ලොකු මහත් කරනවා ඊට පස්සේ සල්ලි අරන් මිනිහෙක්ට දෙනවා ඊට පස්සේ මැරෙනකල්ම අර මිනිහට යටත් වෙලා තමයි ඒ ගෑනිට ඉන්න වෙන්නේ) ඉතින් අපේ රටේ මේ කිසි දෙයක් නැහැනේ. ඒ දවස් වල හැටියට කාන්තා පාර්ශවයෙන් පිරිමියාට දෑවැදි ගෙවන සිරිතක්නේ තිබිලා තියෙන්නේ මම අහල තියෙන විදියට මේ විදියේ විවාහ වලට පෙළඹිලා තියෙන්නේ කුල වලින් නෙරපලා දාපු සහ පහත් යැයි සම්මත කුල වල කාන්තාවන් තමයි. (මේ ප්‍රකාශය පිළිබඳව මට වගකීමක් ගන්න බැහැ. අසා ඇති කතාවක් පමණයි. මේ ප්‍රශ්නය ගැන මම වෙනම කතා කරන්න බලාපොරොත්තු වෙනවා) සමහර විට ඇත්තත් වෙන්න පුළුවන් මොකද අදටත් අපේ කුලවත් උදවිය කුල මල හොයනවනේ කොම්පියුටර් සමාජේ ජීවත් වෙලත් අම්මපා මුන් හැදෙන්නේ නැහැනේ.   
 



ආයෙත් කතාවෙන් පිට පැන්නනේ. ඉතින් කළුතරත් බේරුවලත් අතර ප්‍රදේශයට මේ මුස්ලිම් වෙළෙන්දෙක් ආවලු වෙළඳාමේ. මේ වර්ගයේ වෙළෙන්දොන්ට යම් තරමට සිංහලත් කතාකරන්න පුළුවන් කමක් තිබුනාලු. ඒ කාලේ මොවුන්ව හඳුන්වා තියෙන්නේ තම්බි කියන නමින්. අදටත් මුස්ලිම් උදවිය තම්බි කියලා අමතන්නේ ඒ හේතුව නිසා වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මේ තම්බි වෙළඳාම් කරන්නේ අරුමෝසම් බඩු වෙළඳාමලු. ඉතින් මේ තම්බිගේ හොඳම කස්ටමර්ස්ලා වෙන්නේ අපේ බවලත් උදවිය බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. මේ තම්බිත් අරුමෝසම් බඩු ගොනියකුත් ඔලුව උඩ තබාගෙන පයින්ම යනවලු දවසේ ගාන හොයාගන්න. මෙහෙම යන තම්බිට මගදී හම්බ වෙනවලු සිංහල කතක් වන වන එනවා (වෙන මොනවා වනන්නද උකුල මිසක්) තම්බිත් අහනවලු 


"අක්ක වල්...ළලු තීනවා මුද්..දු තීනවා චී...ත්ත තීනවා අක්ක මුනා ගන්නවා........"
"කෝ බලන්න මොනවද තියෙන්නේ කියලා"
එතකොට තම්බි පොඩ්ඩක් බිමට පහත වෙලා කියනවලු "ඊනම් අක්ක මේ පයිය ගල උඩින් තීනනකෝ......"


අක්කටත් ඉතින් පුෂ්පය විකසිත වුනාලු  තමන් වගේ කුල කතකට අයුතු 

යෝජනාවක් කළා කියලා. අක්කත් පටන් ගත්තලු රෙද්ද කරේ තියං....... (වෙන මොකක්වත් නෙවෙයි බනින්න). පස්සේ තම්බිත් බොහොම වෙහෙසක් අරන් අක්කට පැහැදිලි කරලා දුන්නලු පයිය යනුවෙන් අදහස් කරන්නේ තමුන් බඩු දාගෙන එන මල්ල බව. ඉතින් ඒ පුරස්නේ එතනින් ඉවර වුනාට පයිය තිබ්බ ගල පයියාගල යනුවෙන් හඳුන්වනවලු. දැන්නම් ඒ නම පොඩ්ඩක් මොඩ් වෙලා පයාගල වෙලා. ඔයාල ගාලු පාරේ යද්දී කටුකුරුන්දත් බේරුවලත් අතර සමහර ස්ථාන වල අදටත් පයියාගල කියල සඳහන් වෙලා ඇති අයුරු දැකලා ඇති (එවැනි පින්තූරයක් හෙව්වත් කරුමෙට සෙට් උනා නැහැ ඕයි......). ඉතින් මේ වගේ හර බර වචනයක් හැදෙන්න නිධාන කතාව තමයි ඔය ඉහත කියලා තියෙන්නේ කුණු හපලයක් නෙවෙයි.

මේ කතාවෙනුත් අපිට වටහා ගණන් පුළුවන් පයිය යනු කුණු හරපයක් නොවන බව. ඉතින් මම අපේ බ්ලොග් ලෝ වාසීන්ට යෝජනා කරනවා පයිය යනු ශරීර අවයවයක් නොවන බැවින් සහ  කුණු හරපයක් නොවන බැවින් එය භාවිතා කිරීමට මැලි නොවන ලෙස.

හැලපයියාගේ තර්කය වඩාත් ශක්තිමත් කිරීමේ අදහසින් තමයි මේ පොස්ටුව දැම්මේ. ඒ වගේම පාඨක සැමගේ දැනුම වර්ධනය කොරන්න එහෙම නැතුව මේ කෝරලේ වල් කතා කියනවා කියල  එහෙම එනවා නෙවෙයි හොඳේ............................

103 comments:

  1. අපෝ ලිය ලිය හිටපු පොස්ටුවත් නවත්තල කියෙව්වනේ උඩදාගෙන මුගේ මේ වල් කතාව....... මේකට ගමක නම හැදිච්ච හැටි වගේ මර්තුකාවක් දැම්මනම් මොකද වෙන්නේ පස්සේ හිමිට කියවනවානේ

    ReplyDelete
    Replies
    1. ඕකටනේ කියන්නේ මැලේ රාලේ වල් හිතට කෝකත් වල් කියලනේ.................. හික් හික් හික් ඉක්මනට පොස්ටුව දාන්න අම්මප බලන්න ඕනේ වෙලාවට පොස්ට් එකක්වත් නැහැ මගේ බ්ලොග් රෝලේ. මමං දවසක් දෙකක් බිසී උනොත් ඔක්කොම එවුන් ටික ලියන්න ගන්නවා සට සට ගාලා.

      Delete
    2. අම්මප ඇත්ත කෝරලේ

      Delete
  2. දවසක් අපි මාතර මළගෙදරක යද්දී අපේ බැච් එකේ කෙල්ලෙක් ගේ විනෝදාංශය වුනේ කෝච්චිය නවත්තනකොටම ඒ ස්ටේෂන එකේ නම හයියෙන් කියන එක . ඔන්න එක ස්ටේෂමක නවත්තපු ගමන් කෙල්ල ජනේලෙන් එලියට ඔලුව දාලා කෑගහන්න හදලා ආපහු ඔලුව ඇතුලට අරං මූණ රතුකරන් වාඩි වුනා , අපි බැලුවා මොකද කියලා බැලින්නම් ස්ටේෂන් එක "පයියාගල"

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් සිරාවටම බං ඉස්සර අපි වැකේෂන් ඇවිල්ල අම්මලාගේ මහගෙවල් වල යද්දී මට පයාගලදී හිනහ යන හේතු දෙකක් තියෙනවා. ඒ පයියාගල කියන බෝඩ් ටිකයි. ක්‍රිස්තියානි දේවස්ථානයක ගහල තියෙනවා නමෝ මරියනේ නවතින්න කියලා. ඒ වචනේ නිකන් මරිය තුමිය ඒ පාරේ යනවා ඒ යද්දී නවතින්න කියනවා වගේ. අපේ ගෙදර උදවියත් මේ ගැන දන්නා නිසා අවුලක් නැහැ පයියාගල කේස් එකත් මේ පිටින්ම දාලා හිනහ වෙනවා.

      Delete
    2. @ප්‍රගීත් උතුරද දකුණද ?

      Delete
  3. දෙමලෙන් පයියා කියන්නේ කොළු ගැටයා කියන එක නේද? දෙමල චිත්‍රපටිවල/ටෙලි නාට්‍යවල ඒ විදිහට කියනවා මට ඇහිලා තියනවා. අම්මපා කෝරලේ මහත්තයෝ ඔය පයියාගල නම හැදුනේ එහෙමද ඈ. බලන්ඩකෝ එකෙත් හැටි. ඉතිං අරූ වළල්ලක් දෙකක් විකිනුවද නැත්තං වළල්ල ගහමුලද?

    ReplyDelete
    Replies
    1. ඔව් විචාරක මහත්තයෝ මෙහෙදිත් මට පොඩි කාලේ මලබාරි එවුන් චීන්න පයියා කියල තියෙනවා දැන්නම් මොකක් කියයිද දන්නේ නැහැ හිකිස්...... මම අහල තියෙන විදියටනම් ඔහොම තමයි. මොකද ඔය විදියටම මම තව කිහිප වතාවක් අහල තිබුනත් මගේ හිතට වඩාත්ම වදින විදියට කොල්ලන්ගේ භාෂාවෙන් කියල දුන්නේ දිලියා. දැනටත් මම ඕක මතක් කරකර ඕකට විහිලු කරනවා. දෙවනියට කිව්වා එක වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි නේද තනියම කාත් කවුරුවත් නැති පාරක....... හික් හික් හික්

      Delete
    2. කොහොමත් උන්ගේ ගහමුලනේ

      Delete
    3. හික් හික් හික් සිරා කතාව

      Delete
    4. ෂුවර් එකටම වළල්ල ගහ මුල...

      Delete
  4. පයිය කියලා කුණුහරුපයක් තියනවද ?

    ReplyDelete
    Replies
    1. මම නම් දන්නෑ සෙන්නයියේ ඔය කට්ටිය කියන්නේ :D

      Delete
  5. හපොයි කොරලෙ ගොයියො යන්නෙ කොහෙද මල්ලෙ පොල් උනානෙ

    ReplyDelete
    Replies
    1. එහෙම නැතිනම් කිසි ගතියක් නැහැනේ

      Delete
  6. හැෆොයි. මාත් ඉදලා ඉදලා නියම පොස්ට් එක කොරළයාගේ කියවන්න ආවේ

    ReplyDelete
    Replies
    1. හෆොයි........... නංගියේ ඇවිත් තියෙන්නේ වැරදි වෙලාවකනේ.... හැක් හැක් හැක්

      Delete
  7. ඇත්ත කතාව පයිය කියන්නෙ මල්ලට.
    ඉස්කෝලෙ යන කාලෙ 9 වසරෙදි වගේ අපේ සින්හල සරුත් කතාවකදි කිව්ව 'පයිය බැදන් කරේ තියන් යනව' කියල.අපේ උන්ට එදා හිනා වෙලා එපා උනා :D

    ReplyDelete
    Replies
    1. ක්ලාස් එකේදී කොල්ලොන්ටත් ඕනේ හිනහ වෙන්න හේතුවක් නේ හික් හික් හික්

      Delete
  8. මට මතක් වුනේ “දිලීප කසුන්“

    දිලී-ප ක-සුන් :))

    ReplyDelete
    Replies
    1. හත් ඉලව්වයි දෙයියනේ ඒ මොන අපරාධ නමක් ද ?????? :)

      Delete
    2. හයියෝ...සෑමා එන්න එන්නම වල් වෙනවා....කාට කියන්නද අප්පා...

      Delete
    3. සිරා අයියේ කාලෙකින් කිව්ව සිරාම කතාව

      Delete
  9. ඔය කේස් එක හන්දා ලංකාවේ ඉස්කෝල වල පයි ආර් වර්ගය කියන එක උගන්නන්න බෑ. ටීචර්ලා ෆයි ආර් වර්ගය කියලා බොරු කියනවා. පයි චාට් ගැන කියන්න බැරි හන්දා බාර් චාර්ට් වලට තැන දෙනවා.
    එක පාරක් ජර්මන් ටීවී වගයක් ආවා PYE කියලා. ඕක ඇඩ්වටයිස් කරන්න බැරි වුනානේ ලංකාවේ.
    කොහොමද බං කරන්නේ අර මාරයා වගේ උන් සුසුකි කැරි ලොරියක් විකිනීමට තිබේ කියලා දාපු දැන්වීමක් උලුප්පලා FB එකේ දානකොට.

    ReplyDelete
    Replies
    1. ඔය දේ මට අපේ දමියත් කිව්වා අයියේ ඒ කොයි කාලේද එහෙම ලොරියක් ආවේ? මාරයා කලොත් කරන්නේ ඔය වගේ වසවර්ති වැඩ නිසාවෙන් තමයි වසවර්ති මාරයා කියන්නේ

      Delete
    2. යකෝ ඔය පයියේ කතාවලට අර කැරි ලොරිය ගාව ගන්න එපා හරිද...? :D

      Delete
    3. Carry වර්ගයේ වැඩක් ගැන කිව්වොත් අපිට නිරායාසයෙන්ම මතක් වෙන්නේ මාරයා තුමා කියන නම නොවෑ..........:D

      Delete
    4. ඇයි බොලං ඉසුසු කැරි බෝයි කැබ් එක...කාලෙක ඉදන් බර අදින කැ__ වාහනයක්...

      Delete
    5. හපොයි කැරි බෝයි කියලත් එකක් තියෙනවද? වල් ජපන්නු

      Delete
    6. හා කට්ටිය මේක කියන්වන්න π n ½ l a

      Delete
  10. Hebei korale mahaththaya oya kathawa mama ahala thiyenawa wena widiyakata. kalayak api hitiye payagala pradeshaye. ehe innawa ape ammage yaluwek. "Theresa" kiyala nenda kenek. eya thamai apita oya kathawa kiwwe. eya kiyapu widiyata paiyagala hedila thiyenne, dawasak minissu dennek gamanak yana gaman mahansi nisa galak uda nathara unalu. bulath vitak ehema kala, apasu gamana yanna patan gaththalu. tika durak yanakota ekkenek anikagen ehuwalu ko paiya kiyala. eyala paiya kiyala thiyenne bulath vitata. anika kiyala thiyenawa paiya galauda kiyala. Theresa nenda kiyapu widiyata paiyagala kiyala hedila thiyenne ehemai. kohoma unath adatath godak then wala oya nama pradarshanaya wenawa. uthuru payagala saha dakunu payagala dumriya sthanaye, bandaranayaka maha viddyalaye nama puwaru wala oya nama thamath bawitha wenawa.

    ReplyDelete
    Replies
    1. එතන පයිය කියල හඳුන්වන්නේ බුලත් විට දමන මල්ල එය කූර පයිය ලෙසද හඳුන්වනවා ඔය කතාව මම අහලා නැහැ. හැබැයි මේක නම් කළුතර ප්‍රදේශයේදීත් මම අහල තියෙනවා

      Delete
    2. මේක තමයි මමත් අහලා තියෙන්නේ.

      Delete
  11. අන්න එහෙම තේරුම් කරලා දෙන්න එපැයි.
    දැන් එහෙනම් ඕන පයියක්.

    ReplyDelete
    Replies
    1. ජය වේවා!!!!! අපි පයියට.............. පයිය අපිට........

      Delete
    2. මම නම් ඉතින් ගත්ත තරමක් ගත්තේ පයියෙන් තමයි වැඩ. මොකද ඔලුවක් තිබ්බ නැති නිසා වැඩකට ගන්න ඉතිරි උනේ ඔච්චරයි .

      මම ගොන්ජි , පජාන් වලින් ඒ හින්දා තමා මේ ගොං ,පජා කොමෙන්ට් දාන්නේ ගනං ගන්න එපා දික පුලා පජන් ගියාට ඉස්කෝලේ ගියේ නැනේ

      Delete
    3. පයියාගල කියලා තමයි තවමත් දුම්රිය නැවතුමේ නාමපුවරුව තියෙන්නෙ...උතුරු පයියාගල සහ දකුණු පයියාගල...පයියවල් දෙකයි...

      Delete
    4. ඩබල් පයි.......... හික් හික් හික්

      Delete
  12. හැලපයියගේ පෝස්ට් එක මාත් කියවලා තියෙනවා.. දැන් එතකොට ඒක කුණුහරපයක් නොවේනම් ඉස්සරහට අවුලක් නැතුව පෝස්ට් වල ලියන්න බැරිය..

    ReplyDelete
    Replies
    1. කිසි අයියේ කවුරු හරි විරුද්දත්වය ප්‍රකාශ කොරනවානම් දෙන්න මේ පොස්ට් දෙකේ ලින්ක්ස්

      Delete
  13. පයිය = ගමන් මල්ලට නම්,
    මං අද ඉඳන් කෝච්චියෙ යනකොට වාඩි වෙලා ඉන්න ගෑල්ලමයින්ට මගේ පයිය තියාගන්න දෙනවා..ආපහු බහිනකොට ඉල්ලගන්නවා, නැත්නම් බෑනෙ. වටින කියන ඔක්කොම ඒකෙ..

    ReplyDelete
    Replies
    1. ඇයි යසිත් උඹ කෝච්චියට නගින්නෙත් ඕක එල්ලගෙන නේද? ඊ ලඟට මිනිස්සුන්ගේ ඇඟවල් වල වැදි වැදි යනකොට උඹ ඒක අල්ලගෙන යන්නේ. ‍රැක් එකක් තිබ්බොත් ඒකටත් දානවා නේද?

      Delete
    2. පයිය කියන්නේ ගමන් මල්ලටම විතරක් නෙවෙයි බං. බලාගෙන හරි එකෙක්ට අහුවුනොත් උඹට පයිය නැතිව තමයි ගෙදර යන්න වෙන්නේ (අපරාදෙනේ බන් වටිනා කියන දේවල් ටික)

      @ Henry ayiya මූ ඕක වැද්ද වැද්ද යන්න හරි කැමති ඇති හික් හික් හික්

      Delete
  14. අද මම පයිය ගෙනැල්ල නැති හින්දා හොදා නැත්නං මේකේ හෙඩිම දැක්කම බඩ වෙනවා.. හැක් හැක්.. පයියාගල හැදිච්ච විදිය ගැන පැරණි කතාවක් මම හැලපයියගේ පෝස්ට්කටුවෙම දාලා තිබ්බා බං..

    ReplyDelete
    Replies
    1. මම ඒක දැක්කේ නැහැ නැවත බලන්නම්. ඈ ...... බොල... ඔය වගේ වටිනා දේවල් තැන තැන දාලා එන්න එපා

      Delete
  15. පයියාගල කියල තමයි ස්ටේෂන් එකේ තාම තියෙන්නෙ. කුණුහර්ප තියෙන්නෙ අපේ හිතේ.

    ReplyDelete
    Replies
    1. හරියට හරි රාජ් අයියේ.... ඔන්න ඔය දේ තමයි මම මතුකරලා පෙන්වන්නේ .......:)

      Delete
  16. කෝර‍ලේ හදන්නෙ කුණුහරුප ටික නැති කරන්නද.

    ReplyDelete
    Replies
    1. හරියට හරි ප්‍රසන්න අයියේ නිදහසේ කතා කරන්න බැහැ හිතේ නිදහසේ මේ වචන ටික නිසා

      Delete
  17. මේ පෝස්ට් එක කියෙව්වම මතක් උනේ පයිය කපලා ලුණු දාපු කතාව... කුණුහරුපයක් නෙමේ.. සත්තයි !

    මෙන්න මෙතනින් කියවන්ඩ...

    ReplyDelete
    Replies
    1. හරිම අපරාධයක්නේ බං අර කොල්ලා රස්සාව කරන්නේ කොහොමද ????????

      Delete
  18. දැන් ඉතින් තර්කය ශක්තිමත් වෙන්ඩ ඇති මගෙ හිතේ :)

    ReplyDelete
    Replies
    1. අනිවා..... නංගි. සිංහල භාෂාවේ වචන අපි හොඳ විදියට පාවිච්චි කරන්න ඕනේ

      Delete
  19. පයිය ශක්තිමත් කිරීමට හවුල්වීම ගැන කෝරළේ මහත්තය මල්ලිට බොහොම ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් එව්වා ඉතින් වෙන්න ඕනේ යුතුකම් නේ අයියේ...........

      Delete
  20. නොදකින් ඉස් ඉස්සෙල්ලාම කියවපු බ්ලොග් එක.බලාගෙන යනකොට කතාවත් ඇත්ත තමයි .අපේ සමහරක් වන් හිතන්නෙම කුනුහරපෙට...

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එකේ වරදකුත් ලියන එකාගේ වරදකුත් නෙවෙයි මේ සමාජේ වරදක් සිංහල භාෂාවේ වචන තමන්ගේ හිතේ තියෙන වල කම එලියට යොදාගන්නේ කුණුහරප විදියට ශරීර අවයවයක් නොවන එයට වෙන තේරුමක් නැති ක්‍රියාපදයක් හරි නාම පදයක් හරි කුණු හරපයක් විදියට කියන්න බලන්න නැහැනේ............ ඒ වචන වලද වරද ඒවා ඒ විදියට හදන් ඉන්න මිනිස්සුන්ගේද ??????????????

      Delete
  21. උඹේ මාත්තුරුකාව නිසා පෝස්ට් එක නම් නැගලම යයි. මමත් පොඩි කාලේ ඔය ඉස්ටේසමේ කොච්චිය නැවත්තුවම. කෝච්චියටම ඇහෙන්න නම කියනවා.. අම්මයි තාත්තයි අහක බලා ගන්නවා. පස්සේ කෝච්චියේ යනවනම් ගමන රෑට දාගත්තා..

    ReplyDelete
    Replies
    1. මේ විදියට මාතෘකාවල් දාන්න ඉගෙනගත්ත ගුරුවරු දෙන්නගෙන් එක්කෙනෙක් තමයි ඔයා. මම හිතන්නේ පොඩි එවුන් කුණුහරප ගැන දැනුවත් වෙන්න පටන් ගන්නේ පයාගලින් ඒ නිසා එපත්තේ යන එක නතර කරන්න ඕනේ පොඩි එවුන් ඉන්න දෙමාපියෝ. හික් හික් හික්

      Delete
  22. මට මේක කියෙව්වම මතක් වුණේ අර කොන්දොස්තරගේ කතාව. පරණ සිංහල භාෂාවට ගරු කරන ඒක ඔලුවේ තියන් ඉන්න එක මහාචාර්‍යවරයෙක් බස් එකකට නැග්ගලු. ඒ නැග්ග ගමන් ඇහුවලු....
    "එම්බා බස්පල්ල, මාගේ හම් පයිය කොහේ බහාලම්ද ? " කියලා.
    කොන්දොස්තර කිව්වලු " ඕන තැනක තියාගනින් අපිට පෙන්නන්නේ නැතුව" කිව්වලු.
    බලන්නකෝ ඉතින් වැරදි වටහා ගැනීම්....

    ReplyDelete
    Replies
    1. බලපන් රැඳු ඕකනේ කියන්නේ වල් හිත කියල....... ඒක නම් මරුම කතාව හික් හික් හික්

      Delete
  23. මටත් පයිය වල් තුන හතරක්ම තියෙනවනෙ බලන් ගියාම. කැත හිත නොවැ.
    ;-) ;-)

    ReplyDelete
    Replies
    1. බලන්නකෝ එකෙත් හැටි හික් හික් හික් හිත තමයි කතා වචනේ නෙවෙයි

      Delete
  24. පයියාගල උතුර හා පයියාගල දකුණ ඇති උන හැටිත් හොයලා බලලා කිව්වොත් නාකද?
    ඒ දෙකේ කාළගුණෙත් දැන් වෙබ් එකෙන් හොයාගත්තෑකි!
    http://www.worldweatheronline.com/Paiyagala-South-weather/Western/LK.aspx
    http://www.worldweatheronline.com/Paiyagala-North-weather/Western/LK.aspx

    ReplyDelete
    Replies
    1. තාක්සනේ දියුණුව තමයි මේ.....................

      Delete
  25. දිලීපයියා බැඳලා ඉන්න දීපක්කාගේ පුතා දිනූපයියාත් කිව්වා බුලත් පයින් විටක් අරං කන ගමන් පයිය කියන්නේ කුනුහරුපයක් නෙමෙයි කියල.

    ReplyDelete
    Replies
    1. එකනේ මමත් කිව්වේ මැලේ ඔය වචනේ කුණු හපලයක් නෙවෙයි කියල

      Delete
  26. කෝරලේ මහත්තයා මගේ හිතවතෙක් ඉන්නවා යාපා කියලා. අපි එහේ ගිහින් අහනවා යාපයියා ඉන්නවාද කියලා.....ඌගේ වයිෆ් මිදුලේ ඉඳන් කෑගහනවා....යාපා කෝ....යාපා කෝ...මේ කවුද ඇවිල්ලා කියලා. යාපයියාගේ අයියා ඈපා...එහෙත් එහෙමයි.

    ReplyDelete
    Replies
    1. මට මතක් වුණේ ඈපගේ මලගේ දවසේ නංගි අඩපු හැටි අරූ..

      Delete
    2. එහෙනම් ඒ සීන් එක හැලපයියගේ සීන් එකට වැඩිය භයානකයි.

      @ නලින් අයියා
      ඈපයියා නැහැ..... ඈපයියා නැති උනා අයියෝ..................

      Delete
  27. ඊයෙත් කියෝල ගියා ඒත් කොමන්ට් කොටන්න හැටියක් නෑ මගේ සිග්නල් පයිය නැතිවෙලා හිටියේ..

    ReplyDelete
    Replies
    1. සේරටමව වැඩිය මල පනින්නේ ලංකාවේ සිග්නල් පයියත් එක්ක තමයි අප්පා

      Delete
  28. දැන් මම මේ කල්පනා කරන්නෙ මම මේ පැත්තෙ ඇවිල්ලම නැද්ද කියලා....

    වෙලාවට ඔය ප්‍රස්න නම් මගෙ නමට නෑ... හැබැයි ප්‍රස්න තියෙන නම් ඇති කට්ටිය අමතන කොට හොඳට බර දාලා කතා කරන පුරුද්ද නම් තියෙනවා... අනික තමා පයාගල කියලා වාසගම තියෙන යාළුවෙක් ඉන්නවා ඌට නම් ජීවිතේට හරි වාසගම ඇහිලා නැතිව ඇති...

    ReplyDelete
    Replies
    1. කොමෙන්ටුවක් නම් දැක්කේ පලවෙනි වතාවට. මමත් ඔබේ අඩවිය දැනගත්තේ අද. දැන් ඉතින් දන්නා නිසා ඒ පැත්තේ මේ පැත්තේ ඇවිත් යන්න පුළුවන් නේ......

      දන ගත්ත දවසට යාළුවා වහ කනවා ෂුවර් එකටම හික් හික් හික්

      Delete
  29. මම මේ මාතෘකාව දැක්ක ගමන් දුවගෙන ආවේ කාටද මේ අකරතැබ්බ වෙලා තින්නේ බලන්න ... ,ඔය වගේ මමත් කෙනෙක්ට කියනවා ..
    යාපා+ අයියා =යාපයියා

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් චාමි අයියේ දැන් සනීපයිද?
      මේ අපේ හලපයියට වෙච්ච දෙයක් ගැන්නේ........ ය ඈපා යාපා කියන්නේ ඒ කාලේ හෙන පවර්ෆුල් පොරවල් ලු...........

      Delete
  30. පයිය කියන්නේ පැසට. ඉස්සර මිනිස්සු බුලත් දාන්න බොහෝ විට පාවිච්චි කලේ. අද කාලේ නම් ඒ වගේ ඒවා පාවිච්චි කරන්නේ ජංගම දුරකථනය දාන්න. ඔය කුනුහර්පෙට පාවිච්චි කරන එකෙත් සමාන කමක් තියෙනවා. ඒකටත් ඉතින් පිරෙනවා නෙව.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් කිව්වත් වගේ මටත් එක දැනුයි මීටර් උනේ. ඒ වුනාට අයියේ දැන් තියෙන ෆෝන් එව්වා වල දාන්න බැරි ටහ්රම් ලොකු වැඩියි. ඒ වුනාට කුනුහර්පෙට පාවිච්චි කරන එකේ සමානත්වයක් නැහැයි කියලයි මටනම් හිතෙන්නේ

      Delete
  31. මෙහෙම ගියොත් අම්මා කියන උතුම් වචනෙත් කුණුහරපයක් වෙයිද දන්නෙ නැ... අයියෝ සල්ලි..

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නැහැ සහෝ සාදරයෙන් පිලිගන්නවා වලව්වට මම මේ පලවෙනි වතාව ඔබව දැකපු

      Delete
  32. මොන පයියක් කියනවද මන්දා..!

    හෙව්ව බැලුවට පිං..! ඔඬේ..!

    ReplyDelete
    Replies
    1. එක තමයි මමත් අහන්නේ මොන පයියක් කරනවද ලියන්නේ නැතිව

      Delete
  33. බුලත් පයිය, කූරපයිය, වගේ මල්ල යන අරුතින් තව ගොඩක් සිංහල බසෙහි පාවිච්චි වෙනවා. කුතුහලයෙන් යුතු පෝස්ට් එකක්.

    ReplyDelete
    Replies
    1. මෙවැනි දෑ අනාගත පරපුරෙන් ඈත් වෙලා යනවා 2050 කොල්ලෙක්ගෙන් ඇහුවොත් පයිය කියන්නේ මොකක්ද කියල අනිවා ඌ කලිසම ගලවල පෙන්වනවා. මොකද පයිය කියන වචනේ එතරම් දුරට කුණුහරපයක් වෙලා

      Delete
  34. ඔවු සුදික හරි අපේ ආචිචිත් කියලා තියනවා බුලත් පයිය කියලා අහා තව දෙයක් මට හරියට මතක නෑ අපේ b.c සර් කිව්වේ "හෙළ ඇජුරෝ සුත්ත වන වනා හෙලුවෙන්ම වනති "මේක තියෙන්නේ පාලි අටුවා වෙද කොහෙද දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්නෝ

    ReplyDelete
    Replies
    1. හෙලුවෙන්ම වනති කියන්නේ නම් හෙළ බසට නගනවා කියන එක

      Delete
    2. හත් ඉලව්වයි................ බොරලුගොඩ මහත්තයා හෙළුවෙන් වනල තියෙන විදියට මට හෙළුව වනන්න ඉඩක් නැහැ නොවැ.................. දන්නා කෙනෙක් ඉන්නවා නම් පිළිතුරු දිය හැක

      Delete
    3. ඇත්තෝ කති බොති සුකති. නැත්තෝ සුත්ත පිට පෙරලා බලති.

      Delete
  35. Replies
    1. හික් හික් හික් ඇත්ත කතාව....:)

      Delete
  36. මුල්ම වසර 5ක අති සුන්දර ලමා කාලයක් ගත කල සුන්දර පයියාගල ගමට නම ලැබුන හැටි ඉගෙන ගත්තෙ අද. ස්තූතියි කෝරලේ මහත්තයා.

    ReplyDelete
    Replies
    1. තවත් විදියක් සමන් ප්‍රසනන් ගුරුගේ කියල කෙනෙක් කියල තියෙනවා. සමහර දේවල් පැත්තෙන් පැත්තට වෙනස් වෙනවා.

      Delete
  37. මම නම් කියන්නෙ කුණුහරප කියල දෙයක් නෑ.ඔතන ව්‍යාජ අගයක් ආරෝපනය කරල.මෙන්න මේක මහ මෙරක් කියල.ඇති පයියක් නෑ .හරියට ගෑනු මාහානර්ඝ වස්තු විදියට ඔළුවෙ ඉදන් වහල තිබ්බම දූෂන වැඩියි වගෙ. ඉස්සර උඩුකය නිරුවතින් හිටපු කාන්තාවකට පේදුරු තුඩුවෙ ඉදන් දෙවුන්දර තුඩුවට යන්න පුළුවන්කම තිබිල තිබෙන්නෙ සෙක්ස් කියන්නෙ මහ මගුලක් නොවුන හින්ද?කාටවත් මේකෙ අරුමයක්වත් අසහනයක්වත් නෑ. නිරුවත් ගෝත්‍රවලත් එහෙමලු.

    ReplyDelete
    Replies
    1. " ඉස්සර උඩුකය නිරුවතින් හිටපු කාන්තාවකට පේදුරු තුඩුවෙ ඉදන් දෙවුන්දර තුඩුවට යන්න පුළුවන්කම තිබිල තිබෙන්නෙ සෙක්ස් කියන්නෙ මහ මගුලක් නොවුන හින්ද?කාටවත් මේකෙ අරුමයක්වත් අසහනයක්වත් නෑ. නිරුවත් ගෝත්‍රවලත් එහෙමලු."

      මේ කතාව නම් හරියටම හරි යකෝ. මොකද නිතර දකින කුකුලගේ කරමලේ සුදුයි කියල කියන්නේ කට කහනවටයැ

      Delete
  38. Bank repossessed cars -
    My relatives always say that I am killing my time here at web, except I know I am getting familiarity everyday by reading thes pleasant posts.

    ReplyDelete
  39. I used to be suggested this blog through my cousin. I am now not positive whether this post is written through him as nobody else know such specified about my difficulty.
    You are wonderful! Thanks!

    my site: legal highs

    ReplyDelete
  40. continuously i used to read smaller posts that also clear
    their motive, and that is also happening with this piece of writing which I am
    reading at this time.

    Here is my website - perscription drugs anxiety ()

    ReplyDelete
  41. Hi friends, fastidious post and nice urging commented here, I am truly enjoying by
    these.

    Also visit my page - Funny Cat Vine

    ReplyDelete

ඔයාල කොම්මෙන්ට් එකක් දාන්න වැය කරන තප්පර ගානත් ඔයාලට වැදගත් කියල මම දන්නවා එත් ඔයාලගෙන් අදහසක් මේ පිළිබඳව ලැබෙනවා කියන්නේ මට ඉදිරියටත් ලියන්න හොඳ මොර්ටිවේෂන් එකක් ලැබෙන එක. ලියන්න කල් මදිනම් තිතක් තියල යන්න එතකොට මම දන්නවා ඔබ මෙය බැලු බව. ස්තූතියි.........

Related Posts Plugin for WordPress, Blogger...