Wednesday, 8 May 2013

නායකත්ව පුහුණව leadership (01) සියල්ලන්ම කියවිය යුතු ලිපියක්. මම වෙනුවෙන් නොව ඔබ වෙනුවෙන්.


 අඩේ අප්පා අද උදේ පාන්දරම නැගිටලා කාගේ බෙල්ල කම්දෝ කියල හිත හිත කබ පිරුන දෙනෙතින් ලෝක ධාතුව දිහා බලන මට එක පාරටම කම්පනාවට ආවේ යකෝ මට බ්ලොගක් කියල දේකුත් තියෙනවා නේද සෑහෙන්න කාලෙකින් මොනවවත් කුරුටු ගෑවේ නැහැ නේද කියල. ඉතින් අද කොහොම හරි මේ පැත්තේ ගෑටුවේ මගේ සහෝදර බ්ලොග් වාසීන් ටික දැකබලාගන්නයි. මේ දවස් වල මට බ්ලොග් ලියන්න කියවන්න එන්නේ නැති හේතුව දන්නේ කිහිප දෙනයි නේ. ඉතින් මම එක අනෙක් අයටත් දැනගන්න එක්ක කියන්නම් කෝ. මම මගේ රැකියාව මාරුකලා. නමුත් මට හිතාගන්න බැරි මේක ප්‍රොමෝෂන් එකක ඩිමෝෂන් එකක්ද කියල කොහොම හරි ඉස්සරට වැඩිය ගානක් පොකට් එකට වැටෙන නිසා සද්ද නැතිව වැඩ ටික කරන් ඉන්නවා. කොහොම නමුත් මගේ විවේකය අඩුවෙලා කියන එකනම් පැහැදිලියි. ඒ වගේම මට දැන් කරන්න වෙලා තියෙන්නේ උදේ ඉඳන් කෑගහන එක තමයි. මොකද මම මේ වැඩ කරන ආයතනය ගොඩදුරට කරන්නේ නායකත්ව පුහුණු වැඩමුළු කැම්පස් යන්න සිලෙක්ට් වෙලා ඉන්න සිසු සිසුවියන්ට

මගේ කොටස තමයි මේ පොඩි කෙල්ලෝ කොල්ලෝ ටිකට Science & Technology  (විද්‍යාව සහ තොරතුරු තාක්ෂනය) කියන දේ එයාලගේ ඉදිරි ගමනට වැදගත් වෙන්නේ කොහොමද කියල කියල දෙන එක. අද හැමදෙනාම දන්නවා අපිට තාක්ෂනය ගැන දැනීමක් නැතිව ඉස්සරහට යන්න බැහැ කියන එක වෙන වෙන විෂයන් වලින් අපි උපාදියක් ලබාගත්තත් අපිට ලොකු තල්ලුවක් වෙනවා එහෙන් මෙහෙන් පරිගණක දැනීමක් තියෙන එක. අද කාලේ ගොඩක් ළමයි බලන්නේ පරිගණක ආශ්‍රිත රැකියාවක් ලබාගන්න පරිඝනක උපාදියක් ගන්න නමුත් ඒ සඳහා විශ්ව විද්‍යාලෙට ගිහින් තමන්ගේ අරමුණ ඉටුකරගණන් කීයෙන් කීදෙනාද? අවුරුදු 4ක විශ්ව විද්‍යාල ජීවිතය අපේ ජීවිතේ ලොකු හැරවුම් ලක්ෂයක් වෙනවා. කරන්නං වාලේ උපාදියක් කරලා ජීවිතේ අවුරුදු 4ක් නිකන් නාස්ති කරගෙන උපාදියට කොහෙත්ම සම්බන්දයක් නැති රැකියාවක් කරන උදවිය මෙහෙ අනන්ත ඉන්නවා. බොහෝදුරට අපි කැම්පස් එකේ විෂයන් තෝරාගන්නේ මොන විදියේ පදනමක් මතද?
  1. දෙමාපියන්ගේ ඉල්ලීම මත
  2. අල්ලපු ගෙදර බුවා කරන්නෙත් මේ අංශයේම රැකියාවක් නිසා 
  3. මෙවැනි උපාදියක් ලබාගැනීමෙන් ලොකු පඩියක් ලබාගත හැකි යැයි අසා ඇති නිසා 
  4. සමාජයේ පිළිගැනීමක් ඇති නිසා 

නමුත් කවදාවත් ඔයාල හිතල බලල තියෙනවද මේ කරන උපාදියෙන් තමන්ගේ අනාගතය දීප්තිමත් කරගන්න විදියක් ගැන? ඒ වගේම කවුරුවත් මේ පිලිබඳ දැනීමක් ඇති පළපුරුදු අයවලෙකුගෙන් විමසල තියෙනවාද? බොහෝ දුරට නැහැ....... බොහෝ දුරට අපි අදහස් විමසන්නේ අපිට අවවාදයක් දෙන්න තියා එයාලටවත් හරි මාර්ගය තෝරාගන්න බැරි අයවලුන්ගෙන්. මතක තියාගන්න මේ සටහන පරිඝනක උපාදිය කරන උදවියටම පමණක් නොව විශ්ව විද්‍යාලයට යන්න හිතන් ඉන්න හැම දෙනෙක් සහ දැනට රැකියාව කරන උදවිය  වෙනුවෙන්ම ලියවුන දෙයක් බව. අද කාලේ Bachelor degree එකක් කියන්නේ සාමාන්‍ය දෙයක්. අද සමාජයේ ඇති තරඟකාරී අධ්‍යාපන ක්‍රමය  තුල බොහෝ දෙනෙක් පෙළබෙන්නේ මෙම උපාදිය ගැනීමට පමණයි. මෙතනින් ඉදිරියට යන්නේ කැම්පස් අවුට් වෙච්ච පිරිසෙන් සියට 15ක් 20ක් වැනි සුළු කොටසක්.


මට මතකයි ඩුඩ් අයියගේ පොස්ට් එකක තිබුනා කවදාවත් තමන්ගේ විනෝදාංශය රැකියාව විදියට තෝරාගන්න නරකයි කියල. නමුත් මට හිතෙන්නේ ඒ දේ වැරදියි කියල. තමුන් රැකියාවක් තෝරාගන්න කලින් හොයල බලන්න ඕනේ තමන්ට මේ සඳහා හැකියාව උවමනාව උනන්දුව සහ කැපවීම කියන දේ තියෙනවද කියල. අපි බොහොමයක් දැනට රැකියාව කරන අය. නමුත් කීයෙන් කී දෙනාද උදේට නැගිටලා උනන්දුවෙන් ආසාවෙන් රැකියාවට යන්නේ. එය මුළු ප්‍රතිශතයෙන් සියට 20ක් වැනි අගයක්. ඇයි මේ අලසකම? මේ උදවියට ගෙදර ඉන්නවට පඩි දෙනවනම් කවදාවත් රැකියාවට යන්නේ නැහැ කියන එක මට ෂුවර්. ඒ අලසකම උවමනාවක් නැති කම ඇතිවෙන්නේ තමන් හිත යටින් කැමති නැහැ තමන් මේ කරන රැකියාවට. අපි උදාහරණයක් විදියට ගමු ටියුෂන් ගුරුවරයෙක්. ලංකාවේ ගුරුවරු ගත්තාම ඉන්නවා ලක්ෂගානක් මේ පොස්ටුව කියවන හැමෝටම ගුරුවරු ඉන්නවා නමුත් මේ ගුරුවරුන්ගෙන් බොහොම සුළු පිරිසක් ජනප්‍රියත්වයේ සාර්ථකත්වයේ හිනිපෙත්තටම නගිනවා. ඇයි මේ සමහර ගුරුවරු පයින් යද්දී අර ජනප්‍රිය ගුරුවරු කොළඹ ක්ලාස් ඉවර වෙලා නුවර ක්ලාස් එකට යන්නේ හෙලිකොප්ටරෙන්. සමහර උදවිය ළමයි නැතිව වේලෙද්දී අර ජනප්‍රිය ගුරුවරුන්ගේ ක්ලාස් වල ළමයින්ට ගුරුවරයව පෙන්නේ රූපවාහිනී තිරයකින්. හේතුව තමයි ඉගැන්වීම ගුරුකම කියන දේ ඒ උදවිය ඇඟේන්ම කරන දෙයක් එකට අමතර පුහුණුවක් අවශ්‍ය වෙන්නේ නැහැ. අර ළමයි නැතිව වේලෙන පන්තිවල ගුරුවරු සුදුසු කම උගත්කම් නැති අයද? නැහැ තියෙනවා සමහර විට මේ ජනප්‍රිය අයට වඩා උගත්කම ඇති. නමුත් ගුරු කම කියන එක එයාලගේ ඇඟේ නැහැ( එය ඔවුන්ට රැකියාවක් පමණයි)


මේ විදියට හැම අංශයකම ඒ සඳහා කැමැත්තක් ඇති ආසාවෙන් කරන උදවිය දවසින් දවස ප්‍රොමෝෂන් ගහනවා පඩි වැඩිවෙනවා. එකම දෙපාර්තමේන්තුවේ රැකියාව එකම දින එකම සුදුසු කම් ඇතිව පත්වෙන දෙදෙනෙක් ගෙන් එකෙක් ආව තැනම ඉන්දෙද්දී අනෙකා උසස් වීම් ලබනවා ඔයාල දැකල ඇති මෙතෙනදීත් වෙන්නේ අර කලින් කිව්ව කාරනාවම තමයි.

අපි ඉගනගැනීමට කලින් හොයල බලන්න ඕනේ කාරණාවලින් මුල් කාරණේ තමයි මම දැන් සඳහන් කලේ ඒ තමන්ට ඒ සඳහා ඇති කැමැත්ත ආසාව සහ හැකියාව. දෙවැනි කාරණේ තමයි Market Need (වෙළඳ පොළ අවශ්‍යතාවය) දැන් අපි ගමු උදාහරණයකට අපේ හර්ෂණ මලයා (රජා). ඒකා සිවිල් ඉංජෙක් මම දන්න තරමට පොඩි කාලේ ඉඳන්ම ඒ සඳහා සැලසුම් කරලා එතනට ආව කෙනෙක්. ඒවගේම රැකියා වෙළඳපොලේත් සෑහෙන්න ඉල්ලීමක් තියෙනවා සිවිල් ඉංජිනේරුවන්ට. මට හිතෙනවා මමත් වෙන්න ඕනේ කියල සිවිල් ඉංජෙක්. කරන්න පුලුවන්ද? ඔව් මොන ක්‍රමේකින් හරි උපාදිය ගන්න පුළුවන්. නමුත් සිවිල් ඉංජිනේරුවෙක් විදියට ජොබ් එකක් කිරීමේදී සෑහෙන්න ගැටළු වලට මුහුණ දෙන්න වෙනවා. මොකද ඒ මගේ කැමති අංශය නෙවෙන නිසා. අයිලාෂ් අයියා අපේ වෙනි (මාමා :P) ගමු හොඳ  කැමරා කරුවෝ. නමුත් වෘතිමය පැත්තෙන් මම ඒ විෂය ඉගෙනගැනීමට ගිහින් රැකියාවක් විදියට කරන්න පුලුවන්ද. පුළුවන් වේලෙන ස්ටූඩියෝ එකක් දාගෙන්න ඉන්න පුළුවන්. මොකද ඒ කැමරා කරණයට මගේ Passion එකක් නැති කම.

මේ විෂය හරිම කම්මැලි විෂයක්. දිගින් දිගට කියවන යද්දී එපාවෙනවා කියවන්න. මේ පැය 3ක ලෙක්චර් එකක් තමයි මම මේ සිංහලට පරිවර්තනය කරලා සරල විදියට දැම්මේ. මේ ලිපිය සම්බන්දව ඔයාලගේ අදහස් මට කියන්න කට්ටියම කැමතිනම් අපි මේ පිළිබඳව විස්තර සහිතව ලිපි දෙකතුනක් දාන්නම් 

විශේෂයෙන් මා නොමැති දිනවල ඒ පිලිබඳ විමසා බැලු දේශකයාට සහ අටම් අයියාට මාගේ හැඩහද පිරි ස්තූතිය.



68 comments:

  1. ළමයින්ට බුදු සරණයි!!! හැක් හැක්...

    වලියක් දාගන්නවද නැත්ද කියල තාම කල්පනා කරනවා මොකද වාදෙකට එන්න තරං මට මේ දොහේ වෙලාව මදි.. අවුලක් නෑ වෙල්කම් බෑක්...

    ReplyDelete
    Replies
    1. අනේ බොල දේශෝ........ මමම කිව්ව කියල හිතගත්තනම් හොඳා.......... :P


      අඩේ සංවාදයට විවෘතයි.
      තැන්කු කිව්වා.

      Delete
    2. උමත් එක්ක ජිල් ගහන්න මට වෙලාවක් නැති එකට පින් දියං

      Delete
    3. අම්මපා වෙලාවටද මන්දා නමුත් අනෙක් පොස්ට් එකේදී වෙලාවක් හදාගන්න අයියන්ඩි :P

      Delete
  2. කතාව ඇත්ත. තමුං කොච්චර හොඳින් ඉගෙනගෙන කොච්චර ලොකු ඩිග්‍රි ගැහුවත් ඒ රස්සාවට ආසාවක් තමංගෙ හිතේ නැත්තං ඒක කරන්නෙ කැමැත්තෙන් නෙමෙයිනං ඒ රස්සාවෙ ඉහළට යන්න තමංට සුදුසුකමක් නෑ.
    නමුත් පොඩිකාලෙ ඉඳලම ආසාවෙන් හිටපු රස්සාවක් හදාගන්න පුලුවංනං ඒ දේ තමං කැමැත්තෙන් කරන නිසා ඒක දියුණු කරගන්න පුලුවං. හැබැයි ඉතිං එහෙම කරගන්න එක හැමෝටම කරන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. මේකනේ ප්‍රසන්න අයියේ ඇත්තටම ඔතන තමයි සාර්කත්වයේ රහස තියෙන්නේ. අපිට නොතේරෙන එකම දේ ඔතන

      Delete
  3. //තමන්ගේ අනාගතය දීප්තිමත් කරගන්න විදියක් ගැන? //

    මොන දීප්තිමත් අනාගතයක්ද බන්, සුභ අනාගතයක් කියලා හිතුවට දැන් ලයිට් බිලත් වැඩි කරලා නිසා, දීප්තිමත් අනාගතයක් කෙසේ වෙතත්, කළුවර අනාගතයක් නම් ෂුවර්.

    ReplyDelete
    Replies
    1. අපේ මලින්ද මාමට පින්සිද්ද වෙන්න තමයි.

      Delete
  4. මල්ලියේ උඹ මගේ බ්ලොග් එකේ අහපු ප්‍රශ්නෙට උත්තරේ ඊට කලින් පොස්ට් එකක තියෙනවා. මම ඒ බව ඒ කොමෙන්ට් එකට රිප්ලයි කරලා දැම්මා. කෝ උඹ රිප්ලයි දෙන ඒවා බලන්නේ නැහැ නේ.

    මේ තියෙන ලින්ක් එකට හිහින් පොස්ට් එක බලපන්. උඹේ ප්‍රශ්නෙට උත්තෙරේ තියෙනවා.

    Depth of Field

    ReplyDelete
    Replies
    1. අයියන්ඩි ලොකු හෙල්ප් එකක් අනේ මට දැන් ඉස්සර වගේ වෙලාවක් සෙට් වෙන්නේ නැහැ උදේ පාන්දර 5.30 ගෙදරින් ගියාම ගෙදර එන්නේ රෑ 9 ත් 10ත් අතරේ ඒ එන්නේ නිදාගන්න බලාගෙන. අයිස් ගහන්න චාන්ස් එකක් ඇත්තෙම නැහැ.

      Delete
  5. apit kiyana alut Job eka?
    Jayawewa.

    ReplyDelete
    Replies
    1. මොනාද ඉතින් ලෙක්චර් දෙන එක තමයි.
      ජයවේවා!!!

      Delete
  6. බොහොම වැදගත් ලිපියක් මල්ලි.....
    ගොඩක් අය කරන්නන් වාලේ තමා හැමදේම කරන්නේ.....

    ReplyDelete
    Replies
    1. අඩේ සමනලී අක්ක දැක්ක කල් කොහෙද ගිහින් හිටියේ???? තැන්ක්ස් අක්කා.
      එකනේ අපේ අයට හරියන්නේ නැත්තේ

      Delete
    2. මාත් පහුගිය දවස් වල වැඩ ගොඩක මලේ හිටියේ.... ඒ නිසා මේ පැත්ත පළාතේ එන්න බැරි වුනා.....

      Delete
    3. මම හිතනවා දැන් ඒ වැඩ අඩුවෙලා නිදහස් වෙලා ඇතියි කියලා

      Delete
  7. බොලා ලංකාවට ඇවිල්ලද දැන් රාජකාරිය කොරන්නෙ...හොදා හොදා...සාරගර්භ ලිපියක්...ඔය වැඩසටහන ඇතුලෙ අත්දකින දේවලුත් ඉදිරියේදි ලිව්වොත් හොදා...

    ReplyDelete
    Replies
    1. තව ආවේ නැහැ අයියේ එන්න ඉන්නේ නිවාඩුවට ජුලි මාසේ අනිවා ලියන්නම් ඒ වගේම ඔයාගේ නැවත ආගමනයත් අපිට සතුටක්

      Delete
  8. මම නම් හැමදාම ලියන්න ආසා කල කෙනෙක්. මම කතුවරියක් වෙලා ඉන්නේ ඒ හන්දා වෙන්න ඇති. ඉතින් මගේ රස්සාව නම් මම කරන්නේ හරි කැමැත්තෙන්.

    මේ පැත්තට අදමයි ආවේ.:)

    ReplyDelete
    Replies
    1. කැමැත්තෙන් කරන කිසිම දෙයක් කවදාවත් වරදින්නේ නැහැ සාදරයෙන් පිලිගන්නවා වලව්වට

      Delete
  9. කාලෙකට පස්සේ කෝරලේ මලයගේ ලිපියක්. ඒ වගේම හරිම වෙනස් වැදගත් දෙයක් අඩංගු ලිපියක්..ඉතිං මලේ ඔබට මගේ සුබ පැතුම් ලද උසස්වීමට.. පොඩි එවුන්ට හරියටම පාර පෙන්නපං කොල්ලෝ උඹට තව තවත් හරි යනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ රාජකාරි බහුල කාලයක් තමයි ගෙවෙන්නේ. බොහොම ස්තූතියි අයියේ අනිවා උගන්වන තරමට මගේ දැනීමත් වැඩිවෙනවානේ.

      Delete
  10. මට නම් උදේට වැඩට යනවා කියන්නේ මරනවා වගේ. අම්මා බිමට ඇදලා දානකල් නැගිටගන්ටත් බෑ. තමන් ආසා කරන රැකියා ලැබෙන්නේ කීයෙන් කීදෙනාටද? :(

    උසස් වීමට සුබ පැතුම්...:)

    ReplyDelete
    Replies
    1. අයියෝ අක්කේ ඔය දේම තමයි මටත් හැබැයි දැන්නම් ටිකක් ආසාවක් තියෙනවා පොඩි විවිදත්වයක් තියෙනවා රැකියාවේ. තැන්ක්ස් අක්කි. :)

      Delete
  11. රැකියාවකින් ඉහලට යන්න නම් දැනුම විතරක් තිබුනට මදි තමයි. සමහර වෙලාවට අපි එච්චර කැමැත්තකින් නොකරන රැකියාවක් පස්සේ කාලෙක බොහොම කැමැත්තෙන් කරන්න පෙළඹෙන අවස්ථාත් නැතුව නෙවෙයි.

    ජොබ් එක මාරු වුනු එකෙන් වුනේ අර "හුලං ගැරඩි" ගැන එහෙම කියවන්න නැති වුනු එක. :D කමක් නෑ. වෙලාවක් තියන විදිහට ලියමුකො. අර කිව්ව වගේ මේ වැඩසටහන ගැනත් තව විස්තර ලියමු පුළුවන් වෙලාවට.

    ReplyDelete
    Replies
    1. එහෙම අවස්ථා හරි විරලයි අයියේ

      අපෝ නැහැ. :D අනිවා ලියන්නම් :)

      Delete
  12. මරු! මමත් කැම්පස් ආවේ ලකුණු තිබිච්ච එකට නෙවෙයි! මම කැමති පැත්තට! මොකෝ අනිවා එපා වෙනවා!

    ReplyDelete
    Replies
    1. හරියට හරි නාඩියෝ එලම කිරි වැඩක් කරලා තියෙන්නේ. මගේ උණුසුම් සුභ පැතුම්! ඉදිරියට යන්න තව තවත් ශක්තිය ලැබේවා.

      Delete
  13. උඹ කියන දේ යම්තාක් හරි...මමදකින්නෙ මෙහෙම.

    දැන් රජයේ රස්සා ගනිමු උන්ට ලැබෙන්නෙ තමන් කැමති ‍රැකියාවද..නෑ..මෙලෝ රහක් නෑ..ගුරුවරු ඉන්නව මෙලෝ රහක් නෑ..වචනයක් පෑහැදිලි කරන්න බෑ...ලේකම් කාර්‍යාල වල ඉන්නව පිරිසක්..උන්ට තියෙන්නෙ ෆෝම් පුරවන්න විතරයි හැබැයි උන් තමයි ඔක්කොම දන්නෙ.ඕය වගේ වෙන්නෙ උන්ට කැමති හෝ දක්ෂ ‍රැකියාව නෙවේ ලැබෙන්නෙ. හැබැයි පුද්ගලික අංශෙ,හෝ තමන්ගෙ ‍රැකියාවක් කරන උන්ට ඒව බෑ..වැඩ බෑනම් ගෙදර.
    අන්න ඇඟේ තියෙන දක්ෂ කම ඕන වෙනව. ඒක අධ්‍යාපනයෙන් මනින්න බෑ..!

    ReplyDelete
    Replies
    1. මේකනේ අයියේ අපි ඉගන ගනිද්දී ඒ පැත්තෙන් විශාරද (Major) කරන්න ඕනේ කියන්නේ එකටයි අපි හදවත් පිලිබඳ දොස්තර කෙනෙක් ගමු කාටවත් බැහැ එයට මොලය සම්බන්ද වැඩක් දෙන්න ඒවගේ අපි ගොඩක් වෙලාවට ඉගන ගන්නේ ටාර්ගට් එකක් නැතිව මම මේ කොමෙන්ටුවත් මගේ ඉදිරි පොස්ටුවෙන් විස්තර කරන්නම්

      Delete
  14. Hafoi.. Follow kalaata passe watunu palaweni post 1..
    Ow ow mamath mage NIC eke daala thiyana rassawata yanne ara Podi Kumarihami akka kiyala thiyanawa wage thamayi..
    E rassawa thamayi..



    Student..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මලයෝ මම සෑහෙන්න කාර්‍ය බහුලව හිටියේ
      ඒ කාලේ ඉතින් අපිටත් එහෙම තමයි මට හුඟක් සන්තෝසයි ඔය වගේ පාසල් සිසුවෙක් මගේ ලිපිය කියෙව්වා එක ඔයාලට තමයි මේ ලිපිය ගොඩක්ම වැදගත්

      Delete
  15. කොහේද කෝරලේ මල්ලී හිටියේ?

    ReplyDelete
    Replies
    1. අනේ අක්කේ වැඩ වැඩ වැඩ වෙලාවකට එපා වෙනවා. නමුත් අලුත් අත්දැකීමක් නිසා කරන යනවා. :)

      Delete
  16. //මගේ කොටස තමයි මේ පොඩි කෙල්ලෝ කොල්ලෝ ටිකට//

    පුහ්.... හරි ලොකු අයියා.. හි හි...

    ReplyDelete
    Replies
    1. නැතිව නැතිව ඔයා හරි ආච්චි අම්මනේ :P

      Delete
  17. කම්මැලි විෂයක් කිව්වා !! කවුද කිව්වෙ ?? මට අගට එනවා තේරුන්නෑ..ඒතරම් කැමැත්තෙන් කියෙව්වෙ.. මේක දිගටම ලියපන් කොරාලෙ.. හරිම වැදගත්.. මමත් ඉතින් ඔහෙ නොකර බැරිකමට රස්සාව කරන එකෙක් බන්.. එපාම වෙලා තියෙන්නෙ.. මේකෙන්වත් උදව්වක් ලැබෙයිද බලමු.. :D

    >> මට මතකයි ඩුඩ් අයියගේ පොස්ට් එකක තිබුනා කවදාවත් තමන්ගේ විනෝදාංශය රැකියාව විදියට තෝරාගන්න නරකයි කියල. <<

    ඒ විතරක් නෙමේ, කවදාවත් තමන් ආසම සින්දුවක් රාජකාරි දුරකතනයේ රිගින් ටෝන් එක හැටියට දා ගන්න නරකයි.. මට දැන් ආසම සිංදු දෙක තුනක්ම තිත්තම වෙලා තියෙන්නෙ.. :D

    ReplyDelete
    Replies
    1. /*ඒ විතරක් නෙමේ, කවදාවත් තමන් ආසම සින්දුවක් රාජකාරි දුරකතනයේ රිගින් ටෝන් එක හැටියට දා ගන්න නරකයි..*/

      කැමතිම සින්දුවක් ෆෝන් එකේ එලාම් එකට දාගෙන බලන්නකො. ටික දවසක් යද්දි ඒ සින්දුව ඇහෙනකොට ඔළුවෙ කැක්කුම හැදෙනව :)

      Delete
    2. තෑන්ක්ස් සෙන්නයියේ ඔයාගේ කොමෙන්ටුව මට සෑහෙන්න ලොකු තල්ලුවක් (මම කම්මැලියි කිව්වේ ලෙක්චර් එක වෙලාවේදී සමහර උන්ට නින්ද යනවා ඒ නිසයි.

      සිරාවට ඔය රින්ගින්ග් ටෝන් එකේ සිද්දීයනම් මටත් වෙලා තියෙන්නේ සින්දු දැන් මට ඇහෙනකොටත් මල පනිනවා :D

      Delete
  18. සමහර වෙලාවට කාටහරි කරන ජොබ් එක එපා වෙන්නෙ ජොබ් එකේ වැරැද්දක් හින්ද නෙවෙයි. එකට වැඩකරන්න වෙන මිනිස්සු හින්ද...

    ReplyDelete
    Replies
    1. එහෙමත් වෙන්න පුළුවන් ජොබ් එකට ලදීමක් නැතිකම වෙන්නත් පුළුවන් මම මේ ලිපියෙන් පැහැදිලි කරන්නේ අන්න ඒ ලදී කම නැතිවෙන්න හේතුව එක ඇතිකරගන්න ක්‍රමය වගේ දේවල්

      Delete
  19. ඇත්ත ඇත්ත.මම මේ දවස්වල රැකියාවකට සුදුසුකම් හදාගන්නවා

    ReplyDelete
    Replies
    1. එක හොඳ වැඩක් ඒ නිසා වෙන් ඇති බ්ලොගේ ලියන්නෙත් නැත්තේ කොහොම උනත් ඉඳල හිටලා හරි මේ පැත්තේ එනවා කියන්නේ ලොකු සතුටක්

      Delete
  20. බොහොම ස්තූතියි මේ පොස්ට් එකට. හැමෝටම තමන් ඉගෙන ගත්ත දෙයින්ම රැකියාවක් ලැබෙන්නෙ නෑ. නමුත් තමන් කරන කාර්‍ය අසාවෙන් කැපවීමෙන් කලොත් වරදින්නෙ නෑ. මගෙ මහත්තයා ඉංජිනේරුවෙක් , ඒ උනාට එයාත් මේ නායකත්ව පුහුණු වැඩ මුළු කරනවා. දරුවෙක්ට යහමග පෙන්වන එක යුතුකමක් කියල කියන්නෙ. වෙන තැන්වල වගේ ලොකු මුදලක් ගන්නේ නෑ. කට්ටිය එකතු වෙන විදිහට කරනවා. ඒ අය දෙයක් ජීවිතේට ගන්නවා නම් ඒක තමා අපි දෙන්නාගේම සතුට.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නැන්දාටත් අපි මේ කරන්නෙත් කෙනෙක්ට හරි මාර්ගය පෙන්වල දෙන වැඩක් මේ වැඩේ කියන තරම් ලේසි නැහැ නමුත් අපේ රටේ මේ වගේ වැඩ පිළිවෙලවල් අඩුයි තිබුනත් කිසි පිළිවෙලක් නැහැ

      Delete
    2. අපේ ස්ථානයේ ඉඩකඩ තියෙනවා මේවාගේ දෙයකට. අවශ්‍යනම් කෙනෙක්ට මේ ගැන විස්තර දෙන්න පුළුවනි. 50 කට ලේසියෙන් ඉන්න පුළුවන් හොඳ ශාලාවක් තියෙනවා. බ්ලොග් ඇඩ් එකක් එහෙම නෙමෙයි. අද තරුණ අයට අතදීමක් ලෙස සහන මිලකට දෙන්න පුළුවන්. සමහර අය ලොකු ගනන් අයකරන්නෙ සුපිරි හෝටල් වල දේශන තියාලනෙ. නමුත් අපේ වාගෙ තැනක ඒ වාගේම දැනුමක් අඩු මිලකට දරුවන්ට දෙන්න පුළුවනි. අවශ්‍ය නම් කෙනෙක් දන්වන්නකො.

      Delete
  21. මටනම් කැමති රස්සාව කරන්න යන්න බැරි උනා, පස්සේ කරන්න වෙච්ච රස්සාවට ආස උනා ඒක ගැන ඉගෙන ගත්තා, දැන් මෙහෙ නම් තව ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන නිසා මොනවහරි කරන්න ඕනි. මට කෝරලේ මල්ලිය මතක් උනා විස්තර අහගන්න පුලුවන් කියලා.

    ReplyDelete
    Replies
    1. අනිවා ඕනේ වෙලාවක IT සම්බන්ද දෙයකදී at your service එහෙම කරන්න වෙන රස්සාවට ඇලුම් කරන අය ඉන්නේ බොහොම ටික දෙනයි.

      Delete
  22. අපේ රට වෙලා තියෙන හෙනේ මේකයි. කරන්න ඕනවට රස්සාවක් කරනවා මිසක්, ආසාවෙන්, කැපවීමෙන්, අවංකව රස්සාව කරන්නේ කීයෙන් කී දෙනාද...?

    ReplyDelete
    Replies
    1. අනන් ඒ අය නිතරම තමුන්ගේ යන් ඕනේ තැනට යනවා මාතලන් අයියා නිකමට හොයල බලන්න ඒ දේ කපටි කමින් කරන අයත් ඉන්නවා ගොට්ට අල්ලලා නමුත් මේ අය යන්නේ දක්ෂතාවය නිසා

      Delete
  23. යුද්ද කාලේදී රැකියා හිගය නිසා වගේම ආසාව නිසාත් සෑහෙන පිරිසක් ත්‍රිවිධ හමුදාවට බැඳුනා. නමුත් ඔවුන්ගෙන් සැලකියයුතු පිරිසක් හමුදාව හැරගියා. හේතුව, ඔවුන්ට වැටහුනා, හමුදාව කියන්නේ සින්දුවක් කියනකොට වුනත්, නියෝගයක් මත පමණයි එහෙම කලහැක්කේ කියන එක. වෙනත් වචනවලින් කියනවානම් හමුදා විනය කියන එකට අනුගත වන්නට ඔවුන්ට නොහැකි වුනා. පාසලේදී ශිෂ්‍යභටයකු වශයෙන් නොසිටියත් යටත්පිරිසෙයින් ජවන/පිටිය මළල ක්‍රීඩාවකවත් නොයෙදුන අයට හමුදා ජීවිතයට අනුගත වෙන්න අමාරුයි. ඕනෙම රැකියාවක 'එල්ලිලා' ඉන්න හදන කෙනා කල්යද්දී රූටා වැටෙනවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. "ඕනෙම රැකියාවක 'එල්ලිලා' ඉන්න හදන කෙනා කල්යද්දී රූටා වැටෙනවා." පංකාදු කියමන විචාරක මහත්තයෝ. මටත් කාලයක් තිබුනා හමුදා උන දැන් ඉතින් වයස ප්‍රශ්නේ නිසා උන බැහැලා ඩිග්‍රිය කරන්න බැස්සේ මේක කරලා අනිවා හමුදා පනිනවා කියලා කොහෙද ගෙවල් එක්ක බැහැනේ. කොහොම උනත් ඔබතුමා මගේ ලිපියක් කියෙව්වා කියන එකත් මට ලොකු ගෞරවයක් බොහොම ස්තූතියි.

      Delete
  24. අපි ගොඩක් වෙලාවට රැකියා වල වෙළඳපොල වටිනාකම් වටහාගන්නේ එක් එක් පුද්ගලයා දිහා බැලීමෙන්, ඒත් ඇත්තටම ඒ පෙනෙන්නේ එම රැකියාවේ වටිනාකමට වඩා පුද්ගලයා ගොඩනගා ගත වටිනාකම්ය, ඔහුගේ/ඇයගේ හැකියාවයි, ඕනෑම රැකියාවක් වටිනා රැකියාවක් බවට හරවා ගත හැක. " අහලා තියෙනවා නේද මී කුණෙන් ධනවත් වුනු පුද්ගලයාගේ කතාව.

    ReplyDelete
  25. මේ පෝස්ට් එක කියෙව්වා වුනත්, මට මේකට දිග හෑල්ලක් ගලපගෙන ලියන්න තියෙන නිසා වැඩේ කල් දැම්මා, කෝරළේ මහත්තයෝ. දැන් ඉතාම සැකෙවින් කියන්නම්කෝ මගේ අදහස.

    මුලින්ම සුභ පැතුම් අලුත් ජොබට.

    ඊ ලඟට අර රිං ටෝන් කතාව. මමත් ආසම සින්දුවක් ජිමී ක්ලිෆ් ගේ Ican see clearly now සින්දුව. ගොනා වගේ ඒක දැම්මා අලර්ම් එකට 2009දි. මට වුනේ අර සෙන්නාටයි, පරිකල්පනටයි උඹටයි වෙච්ච දේමයි. මම ඒ සින්දුව මග අරින ගතියක් තියෙනවා.

    මම අර කතාව කිව්වේ අර මගේ යාලුවා ආමි බෑන්ඩ් එකට ගිහින් ඌ ජීවිතේ ආසම කරපු විනෝදාංශයක් වන ගිටාර් ගැහිල්ල එපා වුන "ඔයා කවුරු වෙන්නද ආසා" පෝස්ට් එක ලියද්දියි. උඹ දන්නවනේ Grass is always greener on the other side කතාව.

    >>සමහර වෙලාවට කාටහරි කරන ජොබ් එක එපා වෙන්නෙ ජොබ් එකේ වැරැද්දක් හින්ද නෙවෙයි. එකට වැඩකරන්න වෙන මිනිස්සු හින්ද...<< පරිකල්පන කිව්ව කතාව එක ප්‍රභල හේතුවක්. මම මෝටර් ඉංජිනේරු ශිල්පය දමලා ගහලා ආවේ, ලොක්කන්ට වඳින, කේළම් කියලා එකට ඉන්න එකාගේ බෙල්ල කපන, රුපියල් වලට සල්ලි කාරයන්ට බාල්දුවෙන, වැ‍රැද්දට එරෙහිව නැගී සිටින්න බය, නමුත් අනිත් එකා ඉදිරිපත් වෙලා තමන්ගේ ප්‍රශ්ණෙට කතා කරලා විසඳලා දෙනවා නම් ප්‍රතිඵල භුක්ති විඳින, නමුත් වැරදුනොත් ඌවම බිල්ලට දීලා තමන්හොඳ මිනිහා වෙන මිනිස්සුන්ගේ ආකල්ප හදන්න මට බෑයි කියලා හිතුන නිසා.

    ඒ මිසක් මෝටර් ඉංජිනේරු ශිල්පයේ වැ‍රැද්දක් හන්දා නෙවෙයි. මාත් එක්ක හිටපු සහ මට පස්සෙ , ඉස්සෙල්ලා ගිය වුන් අද ඕස්ට්‍රේලියාව, කැනඩාව, වගේ රටවල්වල සහ සමහර යුරෝපීය රටවල පුරවැසිභාවය ලබාගෙන ඉන්නේ. මම ඒ ඔක්කොමත් අත ඇරලා ආවැඉ.

    එතකොට මම දැනට කරන රස්සාවට මම අකමැතිවෙන්න හේතු ගොඩයි. එකක් උඹ මගේ ගුරු සේවයේ අත්දැකීම ගැන, විශේෂයෙන්ම මේ රටේ අත්දැකීම් ගැන කියෙවා නම් දන්නවා ඇති. ඒක නැවත පැහැදිලි කරන්න අනවශ්‍ය ප්‍රභලම සාධකයක්.

    අනික, මම කොහොමත් ගුරු වෘතියට කැමැත්තක් දක්වපු පුද්ගලයෙක් නෙවෙයි. උඹ දකින්න ඇති එක පෝස්ට් එකක මම දාලා තියෙනවා ඒක මගේ ආසා ජොබ් ලැයිස්තුවේ ඇත්තෙත් නැති එකක් කියලා.

    උඹට කවදාවත් හිතෙන්නේ නැද්ද, මම චිත්‍ර ශිල්පියෙක්, ලේඛකයෙක්, ඡායාරූප ශිල්පියෙක් නොවුනේ අපරාදෙයි කියලා? මට හිතෙනවා.

    නමුත් තමන් කරන දේට අකමැති වුනත්, ඒ රස්සාවේ කෙල පැමිනෙන්නත් ඕනෙ නම් පුලුවන් කියල මම අත් දැකීමෙන් දන්නවා. හරියට නොගැලපෙන විවාහ කරගත්ත නම්‍ටුහ් ජීවිත කාලයක් වෙන් නොවෙ ඉන්න මිලියන ගනක් විවාහකයින් වගේ.

    මේක කයිවාරුවකට කියනවා නෙවෙයි, මම නරක ගුරුවරයෙක් කියලා අවංකවම කියන වුන් මට මුණ ගැහිලම නැති තරම්. නමුත් අවුරුදු ගානකට පස්සෙත් මගේ නම කියලා ආදරෙන් කතා කරන ගෝලයො මට ඉන්නවා. සමහරු මූණටම කියනවා තමන් ඉගෙනගත්ත හොඳම ගුරුවරයා මම කියලා.

    නමුත් මම මේ රස්සාවට ආසා නැති බව මම ප්‍රසිද්ධියේ කියනවා. ඒක අර ජනප්‍රියතාවයට කිසිම හානියක් කරලා නෑ. ඒකට එකම හේතුව බං, මම වැසිකිලි හේදුවත් ඒක හැකිතාක් අවංකව අලංකාරව කරන්න උත්සාහ කරන එක විතරමයි, වංචා නොකර.

    ReplyDelete
    Replies
    1. ඩුඩ් අයියේ මම ඔයාගේ කොමෙන්ටුවට උත්තර පොස්ට් එකකින්ම දෙන්නම් ඉතාම හරවත් කොමෙන්ටුවක් :)

      Delete
  26. තමන් කැමති දේ රැකියාව විදිහට තෝරාගන්න එක හරි..

    ReplyDelete
    Replies
    1. එක තමයි රෙහානි මම කියන්නේ

      Delete
  27. දැන් ලංකාවට ඇවිල්ලද? රස්සාව හොඳ වෙනව කියන්නෙ ඉතින් විවේකය අඩු වීම තමා. ලෙක්චර්ස් කරන්නෙ කොහෙද?

    ReplyDelete
    Replies
    1. තාම නම් ආවේ නැහැ ජුලි වල එන්න හිතන් ඉන්නේ. විවේකය කියන්නේ සතියේ නිවාඩු දවස් දෙකත් මට නැතිවෙලා තියෙන්නේ. :) ඩුබායි වල ඔබතුමියට ගොඩක් ස්තූතියි

      Delete
  28. නියමයි කෝරළේ මලයෝ. ඉදිරියටම යමු. පමා වුනාට සමාවෙයන් මලේ. මේ ටිකේ ටිකක් කාර්‍යබහුල වෙලා.

    ReplyDelete
    Replies
    1. එකට මක්ක වෙනවද අයියන්ඩි කාර්‍ය බහුලත්වය තමයි තියෙන ලොකුම හෙනේ අපි ඔක්කොටම

      Delete
  29. මුලින්ම අලුත් ජොබ් එකට සුභ පතනවා.

    මම ආසම විෂය පරිඝනක. ඒ හින්දා අනික් ඔක්කොම ජොබ් අත ඇරලා ඒකට ආවා. හැබැයි කිසිම මාර්ගෝපදේශනයක් නැතිව. එතනයි මට වැරදුණු තැන. මේ ෆීල්ඩ් එකේ හාර්ඩ්වෙයා පැත්තේ ජොබ් එකක් ගැනනම් වැරදිලාවත් හිතන්න හොඳ නෑ. මොකද දැන් කාලේ කම්පියුටර් ෆීල්ඩ් එකේ රැකියා අවස්ථා ඕනි තරම් තියෙනවා. ඒ නිසාම වටිනාකම අඩුයි. සෙන්නට වෙච්ච දේ අනික් දේ තමයි මට උනේ. ආසම විෂය රැකියාව කරගත්ත එක.

    ReplyDelete
  30. නමේ හැටියට මම හිතුවේ මගේ වයසේ කෙනෙක් කියලා

    ReplyDelete
  31. Patta pata pata.godak hodai.anith eka aluth job ekata all the best.
    Ithiri tikath himita liyamu neda.

    ReplyDelete
  32. මං IT වලට බැස්සෙ පොඩි කාලෙ ඉඳන් තිබුණ ආසාවට.. දැං ඕන ඉක්මනටම ජොබක් හොයා ගන්න.. ඒත් තව ඉගෙන ගන්න තියෙනවනෙ අෆ්ෆා :(

    ReplyDelete
  33. උගන්නන එකට මං කැමතියි. මගේ මුල්ම රස්සාවත් ඔය ගුරුකම. :) අලුත් රස්සාවට සුභ පැතුම්. දෙසැම්බර් විතර ආපහු එහෙ ඉඳීවිද?

    ReplyDelete

ඔයාල කොම්මෙන්ට් එකක් දාන්න වැය කරන තප්පර ගානත් ඔයාලට වැදගත් කියල මම දන්නවා එත් ඔයාලගෙන් අදහසක් මේ පිළිබඳව ලැබෙනවා කියන්නේ මට ඉදිරියටත් ලියන්න හොඳ මොර්ටිවේෂන් එකක් ලැබෙන එක. ලියන්න කල් මදිනම් තිතක් තියල යන්න එතකොට මම දන්නවා ඔබ මෙය බැලු බව. ස්තූතියි.........

Related Posts Plugin for WordPress, Blogger...