Saturday 9 November 2013

අයියා පස්සෙන් ඒම (ගෘහසේවිකාවන්,ලිංගික අපයෝජන) අතිශයින්ම යමක් තේරුම් ගත හැක්කන්ට පමණයි 18++++++

ලියන්න හිටිය පොස්ටුව පැත්තක දාල හදිස්සියේම මේ පොස්ටුව ලියන් හිතුනේ රාජ් අයියගේ පොස්ටුවක් දැකලා ඒ රට යන ගෑනු අපිට තියාගන්න බැරිද කියන පොස්ටුවයි. ඇයි අපේ රටේ කාන්තාවන් ගෘහ සේවිකාවන් වශයෙන් විදේශ ගත වෙන්නේ කියල ඇහුවොත් හම්බවෙන මුල්ම පිළිතුර තමයි පවුල් බර වැඩිවීම පුලේ ආර්ථිකයට ශක්තියක් වෙන්න කියන එක. හරි..... දැන් අපි බලමු මේ විදේශ ගත වෙන්න තියෙන මාර්ග මොනවද කියලා. ඒජන්සි මාර්ගයෙන් තමයි 75% රට යන්නේ. හැමෝම දන්නා පරිදි මේ ඒජන්සි කාරයෝ දෙපැත්තෙන්ම සල්ලි කඩාගන්නවා ඒ ගෘහසේවිකාවගෙන් සහ අරාබියාගෙන් ඔය බිස්නස් එක ගොඩක් ලාබදායි ව්‍යාපාරයක් එහෙම නැත්නම් හතුපිපෙන්න වගේ හැමතැනම රැකියා ඒජන්සි දාන්නේ අපිට ආදරේකට නෙවෙයිනේ. රාජ් අයිය තැනක සඳහන් කරලා තිවූනා ලිංගික හූරාගැනීම එහෙම නැත්නම් මේ කාන්තාවන් අනිසි ලෙස අපයෝජනය කිරීම. පළමු පියවර තැබෙන්නේ මේ ඒජන්සි වලින් කියල ආරංචි වෙන පුවත් කිහිපයක් මට අහන්න ලැබිල තියෙනවා. ඒජන්සි කාරයා විසින් අපයෝජනය කරනු ලැබූ කාන්තාව අරාබි ගෙදරට එවල ඒජන්සි කාරයා අත පිහද ගන්න එක තමයි සාමාන්‍යයෙන් කරන්නේ.


දැන් අපි බලමු මේ වැඩට ආව කාන්තාවට සිද්ද වෙනවා අරාබි ගෙදර පිරිමියාගේ අවශ්‍යතා සපුරන්න කැමැත්තෙන් හෝ අකමැත්තෙන්. මෙව්වා සිද්ද වෙන්නේ බොහෝ දුරට ගෙදර අරාබියාගේ ගෑනිගේත් සහය ඇතිව. ඒ මොකෝ ඒ????? මුස්ලිම් නීතියට අනුව අරාබියට පුළුවන් කම තියෙනවා විවාහ කිහිපයක් කරගන්න. බොහෝ දුරට දෙවැනි විවාහයක් කරගැනීමේදී අරාබියා තෝරාගන්නේ දැනට ඉන්න බිරිඳට වැඩිය බාල කාන්තාවක්. එහෙම වුනාම අරාබියාගේ අවධානය සම්පූර්ණයෙන්ම අලුත් බිරිඳට යොමුවෙනවා කියන්නෙ පරණ  බිරිඳට තැනක් නැතිවෙනවා. නමුත් ගෙදර වැඩ කරන ගෑනිත් එක්ක හිටියා කියල එහෙම අවධානමක් ඇතිවෙන්නේ නැහැ. දේපල බෙදෙන්නෙත් නැහැ  නිවසේ පාලනය බෙදෙන්නෙත් නැහැ  ඒ නිසාවෙන් ඍජුව හෝ වක්‍රාකාරයෙන් ගෙදර ගෑනිත් මේ වැඩේට සහය දක්වනවා. නිවසේ ලොකු මහත් වෙච්ච පිරිමි දරුවෝ ඉන්නවනම් ඔවුන් ට්‍රයල් බලන්නෙත් මේ කාන්තාවගෙන්ම තමයි. (මේ විදියේ සිද්දි අනන්ත අපිට අහන්න ලැබිල තියෙනවා) මෙසේ අපයෝජනයට ලක්වෙන කාන්තාව බොහෝ දුරට කරන්නෙ ගෙදරින් පැනල යන එක තමයි. එහෙම පැනල ඉන්න බොහොමයක් මේ රටේ ඉන්නවා. අවුරුද්දකට දෙකකට වතාවක් හම්බවෙන සහන කාලයෙන් ඔවුන්ට නැවත ලංකාවට පැමිණෙන්න හැකියාව තියෙනවා කියල ඔවුන් දන්නවා. මෙහෙම නිවසින් පිටවෙන කාන්තාව කිසිම කෙනෙක් අඳුනන්නේ නැති සමාජයේ තනිවෙනවා. 


මෙහෙම තනිවෙන කාන්තාවට සිදුවන්නේ කොහෙන් හෝ Bed Space එකක් හොයාගෙන පාට් ටයිම් එකක් හොයාගන්න. (මේ බෙඩ් ස්පේස් එකක් කියන්නේ ඇඳක තරම් ඉඩප්‍රමානයක් උදාහරණයක් විදියට නිදාගන්න හම්බවෙන ඇඳ පමණයි කාමරෙන්). මෙය මෙහෙ බහුලව සිදුවෙන දෙයක් ඩිරාම් 2000ක් පමණ වන කාමරය 6 දෙනෙකු විසින් බෙදාගනිමින් කාමර කුලිය ගෙවනවා. මෙවැනි අසරණ වූ කාන්තාවන්ට පිහිට වෙන පිරිමිත් ඉන්නවා සෑහෙන්න (පැනල දෙන්නේ).  දැන් මේ කාන්තාවට පාර්ට් ටයිම් 
හොයාගැනීමට අලුත් සිම්කාර්ඩ් පතක් සොයාගැනීම වගේ ගැටළු රාශියකට මුහුණ දෙන්න සිදුවෙනවා. නමුත් හවූහරනක් සහ මුදල් නොමැති ඇයට මේ දේවල් සොයාගැනීමට පාවිච්චි කරන්න වෙනවා ඇයට නිකන් කරන්න පුළුවන් එකම ගෙවීම ඒ පුරුෂයෙකු හා යහන් ගතවීමයි. මේ විදියට විවිධ හේතූන් මත පිරිමි කිහිප දෙනෙකුගේ අතින් අත යන්න එම කාන්තාවට සිදුවෙනවා. මේ අපි කතාකලේ අසරණ කමින් විකල්පයක් නොමැති කම නිසා අපයෝජනයට ලක්වෙන කාන්තාවන්. තවත් කොටසක් ඉන්නවා ස්ව කැමැත්තෙන්ම විවිධත්වයක් සොයා මිනිසුන් මාරු කරන කාන්තාවන්. 

*උදාහරණයක් ලෙස මම නවාතැන් ගෙන සිටින විලා එකේ ඉදිරිපස කාමරයේ කාන්තාවක් සිටිනවා. වීසා නොමැතිව (පැනල) ඉන්න ඇය ජීවිකාව ලෙස පාට් ටයිම් කිරීම සහ කෑම පාර්සල් උයාදීම සිදුකරනවා. පසුගිය වසරක කාලය තුල ඇය සමග පවුල් කන්නේ 6 වෙනි නැත්නම් 7 වැනි පිරිමියායි. මේ පිරිමි සියල්ලම රියදුරු රැකියාව හෝ කම්කරු, ගෙවතු පාලක රැකියාවල නිරතවන්නන්. 

*තවත් කාන්තාවක් ඇය නමින් කුමාරි වේ. (මෙහෙ ඉන්න 75% පමණ කාන්තාවන් ගේ නම කුමාරි වේ කතාවේ පහසුව තකා අපි ඇයව කළු කුමාරි ලෙස හඳුන්වනවා. දැනටත් පකිස්තානුවෙක් ඉන්දියන් කාරයෙක් එකක් කතා කලොත් කියන්නේ මුස්ලිම් වරුන්ට මොහොමඩ් කියන නම පොදු නමක් වනවා සේම ලාංකික කාන්තාවන්ට කුමාරි කියන නම පොදු  එකක් වනවා කියායි). ඇය යුරෝපියන් නිවසක වැඩ කරන අතර අයගේ දුවටද අවුරුදු 6ක ළමයෙක් වෙයි. ගම අනුරාධපුරයේ කියලයි ඇය කියන්නේ.දිනක් කාර් එකක පැමිණි අවුරුදු 60ක පමණ වයසැති පිරිමියෙකු සමග කතාකරමින් සිටිනවා දුටිමි. මේ වයසක බුවා දිනපතා ඇය බැහැදැකීමට පැමිණීම පුරුද්දක් කරගත් බවක් අපිට දැකගත හැකිවිය. දිනක් ඒ පිළිබඳව විමසීමේදී ඇය කියා සිටියේ මේ මගේ අයියා කියයි. එවිට මා මිතුරු නිශ්ශංක මා හට රහසින් පැවසුවේ. මේ නම් බං අයියා වෙන්න බැහැ අයියා කියන්නේ කොහොමද මුහුණු වරත් වෙනස් නේ. මට නම් පෙන්නේ අයියා කොහොම වෙතත් අයියා පස්සෙන් තමයි. බලහන්කො අලුත බැඳපු ජෝඩුව වගේ කොමල කරන තාලේ. නාකි විසේ ගෙටත් උසේ කියන්නෙ මෙව්වට තමයි. 


*ඇය නමින් ලලිතා වේ. හොරණ ප්‍රදේශයේ පදිංචි කාරියකි. වයස 50ත් පසුකරමින් යන වග මුහුණ දකින විට පැවසීමට හැකිවේ. ලොකු දුවට අවුරුදු 31 වන අතර ඇයගේ දරුවාට අවූරුදු 11ක් වේ. පලවෙනි ස්වාමියා අතහැර දමා දෙවනියා සමග අවුරුදු ගණනාවක් පවුල් කෑමෙන් අනතුව තම දිවියේ සන්ධ්‍යා භාගය ගතකිරීමට තෝරාගෙන ඇත්තේ. සිවුරු හැර ආගම වෙනස් කල  මුස්ලිම් ආගමිකයෙකු වේ. මොහුටද කරදඬු උස්මහත් වූ දරුවන් ඇති අතර ඔවුන් අත හැර මැය සමග පවුල් කයි. ඔවුන් දෙදෙනාට පවුලක් ලෙස දරුසුරතල් බැලීමට මෙම වයසේදී හැකියාව නැති බැවින් බළලුන් වෙනුවෙන් විශාල පිරිවැයක් දරමින් බළලුන් ඇතිකරයි. මේ පුද්ගලයා සමග වාසය කිරීමට ඇරඹීමෙන් පසුව තම නමද  (නබිතුමාගේ ගේ ළදරු බිරින්දාගේ නම) ලෙස නමත් වෙනස් කරගනිමින් රාමසාන් කාලයේදී උපවාසකිරීම තරම්ම ඇය දුර ගොස් ඇත. මේ ක්‍රියාවන් හේතුවෙන් ඔවුන් දෙදෙනාගේ පවුල් සී සී කඩ ගොස් ඇත. මේවා කාගේ වැරදිද? 

ජීවන බර දරාගත නොහැකිව ගෘහසේවයට පැමිණෙන අහිංසක කතුන්ගේ තරම දැනගැනීමට ඩුබායි වල  සංගීත සංදර්ෂණයකට යා යුතු වන අතර බීමතින් විවිධ මිනිසුන් සමග නටන කාන්තාවන් දැකගත හැකි වේ. මොවුන් හේතුවෙන් පිහි ඇනිලි මිනීමැරුම් බොහොමයක් වාර්තා වෙලා තියෙනවා. මේ හේතුවෙන් හයයි හතරේ ආරක්ෂක නිලධාරීන් යෙදවීමට සංවිධායකයන්ට සිදුවෙලා තියෙනවා. 2011 දි දිනක් මා මිතුරු  ධම්මික රාත්‍රී 1ට පමණ කාමරයට ආවේ පිනායන තරම් සතුටෙනි. ඒ පිළිබඳව විමසීමේදී මරු ආන්ටි පාරක් සෙට් වුනා හලෝ හෙට පුලුවන් නම් මාව අහවල් තැනට අරන් යනවා යැයි පැවසුවේය. ඔහුගේ පෞද්ගලික ජීවිතය ගැන මට වැදගත් වන්නේ නැති බැවින් මම ඒ පිළිබඳව වැඩිදුර විමසුවේ නැත. පසුවදා සවසඔහුව ඇය වැඩ කරන නිවසට ඇරලු මා පිටත්ව ගියේ මා හට මිලදී ඇති යුතු අඩුම කුඩුම ටිකක් මිලදී ගැනීමටයි. පැයකින් පමණ මා ඇමතු ඔහු ඔහුව රැගෙන යාමට පැමිණෙන ලෙස පැවසුවා. කිලෝ මීටර් 25ක පමණ දුර නිහඬවම ගෙවූ ඔහු අප නවාතැනට පැමිණි පසුව පැවසුවේ ආයේ නම් ඒ ගෑනි ලඟට යන්නේ නැහැ බං ඒකිගේ පුතත් මට වැඩිය වැඩිමහල් එකෙක්. කොහොමද බං එව්වා දැනගෙන ආයෙම මම ඔය ගෑනි එක්ක නිදාගන්නේ????? සංගීත සංදර්ශනේදී හඳුනාගත් තරුණයා පසුදින නිවසට ගෙන්නීමට තරම් ඇයගේ රාගය බලවත් විය. තවද සිකුරාදා දින ප්‍රසිද්ධ ස්ථානයකට ගියහොත් තමන්ගේ ළමයින්ගේ වයසේ සිටිනා කොල්ලන් සමග පෙමි සුව විඳින ආන්ටි අක්කලා දැකිය හැකි වේ.  මොවුන් කෙතරම් වයස වුවුද අවුරුදු 16 පොඩි එකෙකුට පවා කතා කරන්නේ මල්ලි යනුවෙනි අහෝ ටයිල්......... (අයියෝ සල්ලි වෙනුවට අලුත්ම වචනේ) 





මේ සඳහන් කලේ සිද්ධීන් කිහිපයක් වන අතර ලිපි 100ක් පමණ ලිවීමට තරම් කරුණු ඇතත් එවැනි දෑ කියවීමෙන් ඔබට කම්මැලි කමක් ඇතිවිය හැකි බැවින් මේ ලිපිය මෙතනින් අවසන් කරනවා. දෙවැනි ලිපිය ලියන්නේ ඔබලාගේ ප්‍රතිචාර අනුව තමයි. ඒ අතර ජනකයියගේ ඉතිරි ලිපියත් ලියන්න බලාපොරොත්තු වෙනවා.


 මෙලෙස අපයෝජනය වන ගැහැනුන් වටේ යන්නට හේතුව,වරද ඔවුන් පිටම පැට වීම නොකළ යුතු දෙයක් විදියටයි මම දකින්නේ. පිරිමින්ගේත් ඇති නොසන්ඩාල කම් සහ කොන්ද පන නැති කම හේතුවෙනුයි මේ තත්වය උදාවෙන්නේ කියලයි මට නම් හිතෙන්නේ. කසාද බැඳීමෙන් පසුව පවුලේ වගකීම පැටවෙන්නේ පිරිමියාගේ කරපිටයි. එයට තමන් මුහුණ නොදී රට සල්ලි සොයන්න තම බිරිඳව යැවීම යනු මුදලට ඇය විකිණීමක් ලෙස මා දකිනවා. මුදල් හම්බ කිරීමට උමවනාවක් වෙතොත් තමන් මුලින් රට ගොස් බිරිඳව ගෙන්වාගත් විට මෙවැනි සිදුවීම් බොහෝදුරට ඇතිවීම වලක්වා ගත හැකියි. එවිට ඔබේ පවුලත් ආරක්ෂා වන අතර ඔබගේ ආර්ථිකයට පිටුවහලක් වෙයි. මෙවැනි සිදුවීම් නිසා කැඩුණු පවුල් ජීවිත කීයක් නම් ලංකාවේ ඇතිද? මේවගේ දේවල් වැලකීමට රජයේ ලොකු ලොකු පුටුවල උදවිය ක්‍රියාත්මක නොවන්නේ ඇයි කියන එකනම් ලොකු ප්‍රශ්නයක්.

මේ ලිපියෙන් මට අපේ තරුණ පරපුරට කියන්නට තිබෙන්නේ. කවදාවත් තමන්ගේ කෙල්ලව,බිරිඳව තනියම රට එවන්න එපා. පුළුවන් විදියට ඇයව නඩත්තු කරන්න. පස්සෙන් ගිහින් කටුකාලා කෙල්ලෙක් සෙට් කරන කසාද බඳින්නේ අරාබියොන්ට නිකන් සැප ගන්න නෙවෙයිනේ. ඇය කෙතරම් හොඳ වුනත් සමාජයේ ජීවත් වන්නන් බොහොමයක් බැටළු හම් පොරවාගත් වෘකයන් බැවින් හොඳ කෙනෙක්  නරක කිරීමට වැඩිවෙලා ගතවන්නේ නැහැ. 

ප.ලි. නම්ගම් මනකල්පිත වේ.


දෙවන කොටස බලන්න
කොටුපැනීම, අම්මයි දුවයි සමග පවුල් කෑ එකා 




109 comments:

  1. පාට් ටයිම් කියන්නෙ..."අතිකාල" නේද..?

    ReplyDelete
    Replies
    1. ඔක්කොමත් හරි අන්තිමට උඹදීපු උපදේසෙ නම් මල්..!

      Delete
    2. නැහැ අයියේ ඒ Over Time ඒ තමයි ඇත්ත කතාව අයියේ මෙහෙ වෙන දේවල් දිහා බැලුවම එයිට වැඩිය කියන්න දෙයක් නැහැ.

      Delete
    3. අර්ධ කාලීන = පාට් ටයිම්. 
      පූර්ණ කාලීන = ෆුල් ටයිම්.
      මෙතෙන්දි නම මේ හොයන පාට් ටයිම් එක වෙන එකක්.

      Delete
  2. රාජ් හා ඔමායා මේ වගේම ලිපි දෙකක් කියෙව්වා අද දවසට මේ තුන්වැන්න..අතිකාලවලට කියන්නේ ඕවර් ටයිමි කියලයි. අමතර රැකියාවක් හෝ කෙටි කාලින රැකියාව යන වදන් ගැලපේවි මෙයිටත් වඩා හොද වදන් ඇති අඩ කාල කියාද ඇත.

    ReplyDelete
    Replies
    1. මේ ලිපියට මම පාදක කරගත්තේ රාජ් අයියගේ ලිපිය තමයි. එයට යම් කිසි දෙයක් මම එකතු කළා පමණයි.

      Delete
  3. "පස්සෙන් ගිහින්
    කටුකාලා කෙල්ලෙක් සෙට්
    කරන කසාද
    බඳින්නේ අරාබියොන්ට නිකන්
    සැප ගන්න නෙවෙයිනේ. ඇය
    කෙතරම් හොඳ වුනත්
    සමාජයේ ජීවත් වන්නන්
    බොහොමයක් බැටළු හම්
    පොරවාගත් වෘකයන් බැවින්
    හොඳ කෙනෙක් නරක කිරීමට
    වැඩිවෙලා ගතවන්නේ නැහැ."
    මේ කතාව 100%ක් ඇත්ත, අරාබි තියා දැන් ලන්කාවෙ ජොබකට කෙල්ලෙක්ව යවන්ඩ බැරි තත්වයක් තියෙන්නෙ, කොතන බැලුවත් දූශන සීන්නෙ...

    ReplyDelete
    Replies
    1. ලංකාවේදී මේවගේ දේවල් කරන්න පොඩි බයක් තියෙනවා අඳුනන එවුන් කොහෙන් මතුවෙයිද දන්නේ නැති නිසා.නමුත් මෙහෙදී කවුරුවත් කාවවත් දන්නේ නැහැ. ඔක්කොම කෝලන් එළිපිට නටන්න පුළුවන්

      Delete
  4. Part Time කියන්නෙ අර්ධ කාල කියන එකද?

    අපි ඔය ප්‍රශ්ණෙ කොච්චර කතා කලත් වැඩක් නෑ කෝරලේ. අපේ මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් වෙනකම් ඔය ප්‍රශ්ණ විසදන්න බෑ. මං ඔමාගෙ පෝස්ට් එකේදිත් කිවුවා වගේ අපේ උන්ට රස්සා නෑ නෙමේ තියෙන රස්සා කරන්න කැමති නෑ.
    දැන් ඒ මදිවට 'රටවිරුවො' කියලා මගුලක් පටන් අරන් ඒකෙනුත් 'මෝඩ' ගැහැණු ටිකව රවට්ටන්න පටන් අරන්.
    අපේ ගැහැණු ලංකාවෙ තියෙන රස්සා කරන්න අකමැති උද්දච්ච කමයි ලොකු කමයි නිසා. ඒත් රට ගිහින් අරාබි කාරයො එක්ක ඇදට නගින්න උනත් ලෑස්තියි.
    මේකට මාත් 100%ක් ඇගිල්ල දිග් කරන්නෙ කාන්තාවට පමණක් නොවේ. මේකේ 90%ක්ම වැරදි තමන්ගෙ අත පය හතරම හොදට ති‍යා ගෙනත් ගෑණිව රට යවලා ඒ ගෑණී එවන සල්ලි වලින් කාලා බීලා තව ගෑණු පස්සෙ යන පො** පිරිමියි.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ තියෙන රස්සා කරන්න අකමැතියි මෙහෙ ඇවිල්ල ටොයිලට් පවා හෝදනවා ලංකාවේ ගුරුවරියෝ ඉන්නවා ගෘහ සේවිකාවෝ විදියට.

      Delete
  5. මට හිතෙන්නේ සමහර ය මැදපෙරදිග ගෘහ සේවයට යන්නේ මේ කරුණු නොදැන නෙවෙයි. රාජ් ගෙ ලිපියෙත් කියලා තිබුනා ඒ තත්වය. පිට රටක ගිහි මොන ජරා වැඩේ කලත් කමක් නැහැ. අපේ රටේදී ගෘහ සේවිකා රැකියාවක් කරනවට වඩා.

    ReplyDelete
    Replies
    1. හරියට හරි විචාරක මහත්තයෝ කතාව. අපේ මිනිස්සුන්ට තමන්ගේ දේ වටින්නේ නැහැනේ කොහොමත්

      Delete
  6. Part time කියන්නේ කෝරළේ අර්ධ කාලීන. කෙනෙකුට තමන් කරන ප්‍රධාන ඇකියාවට අමතරව තවත් ‍part time රැකියාවල් කීපයක් කරන්න පුලුවන්.

    අර්ධ කියන්නේ බාගේ වුනාට, මෙතනදි අදහස් වෙන්නේ නෑ හරියටම ‍රැකියාවට වැය කරන කාලයෙන් 50%ක් යන ‍රැකියාවක් කියලා. ඉංග්‍රීසියෙන් part කියන්නේ අර්ධ නෙවෙයි කොටසක් වුනත්, අපි පාවිච්චි කරන වචනය අර්ධ කාලීන. මෙතන පොඩි පරිවර්තන දෝශයක් තියෙනවා තමයි

    ReplyDelete
    Replies
    1. ඔන්න මම බලාපොරොත්තු වුන කෙනාගෙන් පිළිතුර ලැබුනා. හ්ම්ම්ම්ම් බොහොම ස්තූතියි ඩුඩ් අයියේ.

      Delete
  7. පට්ටම වැදගත් ලිපියක් මචං. එක පාරක් ගිහින් ඇවිත් ආය පාරක් යන උදවිය ඉන්නෝ මේ අපේ ගමෙත්. අනේ කාලේ වනේ වාසේ කිව්වලු.......

    ReplyDelete
  8. මැද පෙරදිග වහල් රස්සාවලට යන ගැහැණු ගැන අවුරුදු 30 කටත් වැඩිය කතාකරා..ඒත් යන අයගේ අඩුවක් වෙලාවත් පෙට්ටි වල එහෙම නැත්නම්, අත පය කඩාගෙන, අතේ සතයක් වත් නැතුව ආපහු එන අයගෙ අඩුවක් වෙලාද..නෑනෙ. එක්කෝ ගෙන්නන රටෙන් නවත්තන්ට ඕන එහෙම නැත්නම් යවන රටෙන් නවත්තන්ට ඕන.

    ReplyDelete
    Replies
    1. ගණිකාවකගේ සේවය අවශ්‍ය වන මිනිහා ගණිකාවක් පස්සේ යන එක නවත්වන්නේ නැහැ. ගණිකාව සේවය නැවත්තුවානම් ඔන්න අර කෙනාට විකල්පයක් ගැන හිතන්න වෙනවා.

      Delete
  9. ගෑනි දාලා මිනිහා රට යන එකත් බයානක වැඩක්.. අර හිලියේ කතාවකුත් තිබුනේ

    ReplyDelete
    Replies
    1. මේකනේ බොරළුගොඩ මහත්තයා....... ගෑනි ලංකාවේ ඉන්නකොට මිනිහගේ පවුලේ උදවිය ගෑනිගේ පවුලේ උදවිය ඉන්නවා හදිස්සියකදී ගෙදර නවතින්න ගෑනිට ඕනෙනම් ඒ ගෙවල් වල නවතින්න. නමුත් රටින් පිටදී තත්වය වෙනස්

      Delete
    2. බොහොම ස්තූතියි චතුර :)

      Delete
  10. හරිම වටිනා ලිපියක්. ඇයි අපේ කාන්තාවන්ට අරාබි කරයට යන්න උනේ. මටනම් හිතෙන්නේ විවෘත ආර්ථිකයත් එක්ක මේ මාර්ග විවර උනා. මිනිසුන්ගේ අවශ්‍යතාවයන් වැඩි උනා. කිහිප දෙනෙකුට තියෙන ඒ නවීන අංගෝපාංග දකින කොට ගොඩක් අයට ඒවා ඕනේ උනා. ලේසිම වැඩේ උනේ අරාබිකරයට යන එක. මේක හරිම සංකීර්නයි. හැම එක්කෙනෙකුටම වගේ වෙනම කථාවක් තියෙනවා. සමහරැ ඇත්තටම හරිම අහිංසකයි.
    ඔබ කියපු අර සමහර කාන්තාවන්ගේ නොමනා හැසිරීම් වලට එයාලගේ අධ්‍යාපන තත්වයත් ගොඩක්ම බලපානවා.
    ඒක හොඳටම තේරෙනවා එයාල ගුවන් යානයකට උනත් ගොඩ උනාම හැසිරෙන ආකාරයෙන්. ගුවන් සමාගම් උනත් සලකන්නේ දෙවිදිහකට. අපි ගොඩක් වෙලාවට ලංකාවට යන්නේ කටාර් හරහා. එංගලන්තේ ඉදන් කටාර් දක්වා හොඳ තත්වයේ යානයක් හා හොඳ තත්වයේ සත්කාරක සේවාවකුත් එතැන් සිට ලංකාව දක්වා බාල යානා හා බාල සේවාවෙනුත් ඒක ඔප්පු වෙනවා. මැද පෙරදිගින් යානයට ගොඩවන අපේ අයගේ චරියාව නිසා කාටවත් දොසක් කියන්න බෑ. අපිව දෙකේ කොළේට දාලා තමයි සලකන්නේ. මම මේ අපේ කාන්තාවන්ට වෙලා තියෙන තත්වය ගැන අවංකවම දුක් වෙනවා. අපිට ඒ කියන්නේ අපේ රටට මුළ ඉදලම වැරදිලා තියෙන්නේ. හරිම ඛේදජනක තත්වයක්!!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ඔය අධ්‍යාපනය නැති කමත් එක හේතුවක් අනික තමයි තමන් සිටි පරිසරයෙන් මිදිලා මෙහෙට ආවම වෙන්නේ බණ්ඩා කොළඹ ගියා වගේ කරන්න ඕනේ දේවල් නෙවෙයි කරන්නේ.

      Delete
  11. රාජ් අයියගේ පෝස්ට් එකත් ඊයේ බැළුවා.. හැබැයි ඉතින් ඉස්සර නම් මේවා ගැන නොදැන කට්ටිය රට ගියාට මොකද දැන්නම් මේ හැම දෙයක්ම දැනගෙනත් යන්න ලෑස්ති අය ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. ඒ ඇය යන්නේ ගෙදර නැති සැප ගන්න මම දාන්න ඉන්න ජනකයියගේ පොස්ට් එකේ තියෙන සීන් එක බලන්න කෝ.

      Delete
  12. බොහොම වටින ලිපියක් , ඇත්තෙන්ම මේ විදියට ගෘහ සේවිකාවන් විදියට අපේ කාන්තාවන් මැද පෙරදිග යැවීමත් එක්ක තමයි අපේ රටේ අපරාධ (විශේෂයෙන්ම ස්ත්‍රී දුෂණ සහ සම්බන්ධ) සංඛ්‍යාව වැඩි වුනේ කියල දැනෙනවා , සංඛ්‍යා ලේඛණ කොහොමද දන්නේ නැහැ . ඒත් ඒ වෙනස අපේ වසයේ ඉන්න හැමකෙනෙක්ටම දැනෙනවා ඇති ,

    ස්තුතියි මේ වගේ දැනුවත් විය යුතුදේ බෙදා දෙනවාට

    ReplyDelete
    Replies
    1. සමහර විට ඔය කතාවෙත් අත්තක් තියෙන්න පුළුවන්. අදකාලේ සමහර කාන්තාවන් පිරිමි ළමයි පවා දූෂණය කරලා තියෙන පුවතක් මම දැක්කා ප්‍රියාගේ බ්ලොග් එකේ. ආතතියත් මේකට හේතුවක් වෙන්න පුළුවන්

      Delete
  13. තමන්ගේ ගැහැනුන් ඔය විදියට යවන පිරිමි ගැනයි මට නම් තරහා ආවේ. අනෙක මම තදින් හිතාගෙන ඉන්න දෙයක් තමා සල්ලි තිබ්බත්, නැතත් දෙන්නා එක තැන හිටිය යුතු බව.

    පිරිමි , ගෑනු දෙගොල්ලම තනියම වෙනත් පරිසරයකට වැටුනම , ඒවායින් එන පෙළඹවීම් එක්ක මේ වගේ වෙනස් වෙන්ට පුලුවනි. අපූරු කතා ටිකක් කෝරළේ. දුක හිතුණා.

    ReplyDelete
    Replies
    1. අක්කේ මම දැකල තියෙනවා ලංකාවේ සල්ලි වලින් රුපියල් 20000 හම්බ කරන මිනිස්සු ගෑනිව තියාගෙන ගෑනිත් ජොබ් එකක් කරනවා දෙන්න එක්ක ජීවත් වෙනවා.

      Delete
  14. කතාව නම් හරියටම හරි කෝරලේ මහත්තයො......මේකට තව දෙයක් එකතු වෙන්න ඕන.ඒ තමයි ඒජන්සි කාරයොන්ගේ සල්ලි වලින් ජීවත් වෙන වට්ටි අම්මලා ලංකාව ඇතුලෙ ඉන්නවා.උන්ට තියෙන්නෙ ලංකාවෙ ඉන්න අහිංසක ගෑණු උදවියට අරාබිකාරයො ගැන සුරංගනා ලෝක මවන එක,කොටින්ම කියනවනම් උන්ට පඩිය ලැබෙන්නෙ අහිංසක ගෑණුන්ගේ මොලේ හෝදනවට.තමන්ගේ පවුල අමතක කරලා අහසේ මාළිගා හදවන්න උන් හරිම දස්සයි.අපේ අයට මේක මොලේට වැටුනම සේරම අමතකයි,උන්ට මතක් වෙන්නේ,මැවිලා පේන්නෙ මවලා පෙන්නන ඩිරාම් කොල ටික විතරයි.ඉතිං අපේ අය එහේ ගිහින් තමන්ගේ හීන ලෝකෙ තිබුන ඒවා නෙමෙයි කියලා පෙනෙන කොට කල් ගිහින් වැඩී.එතකොට තමන් ගෙවල් දොරවල් උකස් කරලා ආපු හැටි මතක් වෙනවා,තමන්ගෙ දරු පවුල් මතක් වෙනවා,ඉතිං එතකොට වැටුණු වලෙන් ගොඩ එන්න අකමැත්තෙන් උනත් අරාබි වාහෙලත් එක්ක නිදි වදින්න වෙනවා.මේවට ලොකු පුටුවල ඉන්න උන් සලකන්නෙ හොයලා බලන්නෙ නැත්තෙ උන්ට ඒජන්සිකාරයොන්ගෙන් ලොකු ලොකු කුට්ටි හම්බෙන නිසා.සෑහෙන්න වැදගත් ලිපියක් හොදේ...........

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත මේ පිළිබඳව කිව්වාම මට මත වුනේ. මගේ අත්දැකීමක් ඒක ටිකක් දිග වැඩි වේවි කොමෙන්ටුවක දාන්න මම එක ඉදිරි පොස්ටුවට එකතු කරන්නම්. ලොකු පුටුවලට යන්නේ සුදුසු කම් ඇති අය නෙවෙයි නේ. සල්ලි දීලා පගාව දීලා දේශපාලන බලෙන්. කොහොම වුනත් ඒ පුටුවලට යන්න ගානක් ඒ උදවියට වැය වෙනවා. ඉතින් එතනට ගිය වෙලාවේ ඉඳන් බලන්නේ වියදම් කල මුදල වගේ 20 ගුනයක්වත් අවම වශයෙන් හම්බ කරගන්න

      Delete
  15. පෝස්ට් එක ආතල් එකේ බලන්න ඕන නිසා රෑට බලමු !! ;))

    ReplyDelete
    Replies
    1. පිලිතුරු ලිපියට කමෙන්ට් එකත් දාල ඇවිත් තමා මේක කියෙව්වේ. සියළු උත්තර පිලිතුරු ලිපියේ කමෙන්ටුවේ ඇත :))

      Delete
  16. ඔය රට යන අය සල්ලි හම්බකරන් ආවත් මාසෙන් හමාරෙන් ඒ ඔක්කොම කාබාසීනියා කරලා දාලා තමයි ආපහු යන්නේ

    ReplyDelete
    Replies
    1. ඔව් මොකද ලංකාවට ආවට පස්සේ මවා පාන්නේ සුපිරි ජීවිතයක් එව්වා අහද්දී හිතෙනවා ඇත්තටම මේ කියන්නේ මැද පෙරදිග ගැනද එහෙමත් නැත්නම් යුරෝපයේ කොහෙහරි රටක් ගැනදෝ කියලා.

      Delete
  17. රාජ්ගෙ ලිපියත් බැලුවා මේ ඒ ලිපියට ඌන පූර්ණයක්,කොහොමත් ලොරලේ මහත්තයට මේ ගැන ගොඩක් අත්දැකීම් තියෙන නිසා විස්තර ඇතිව ලියන්න පුළුවනි.මොනවා උනත් මගේ තියෙන සුළු අත්දැකීම් එක්ක මටත් කියන්න තියෙන්නේ ඔබේ ලිපියේ අවසාන ජේදය එක්ක සම්පූර්ණයෙන්ම එකඟයි කියන එක.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි හැලපයියේ.... මම නම් මම දන්නා කියන එකෙක්ටවත් රට ඉඳල ආව කෙල්ලෙක් නම් බඳින්න දෙන්නේ නැහැ වෙන දේවල් දිහා බැලුවම එක පැත්තකින් කලකිරෙනවා. අනෙක් අතට හිනා යනවා.

      Delete
    2. එහෙමද ? මම නම් මම දන්නා කියන එකෙක්ටවත් රට ඉඳල ආව කෙල්ලෙක් නම් බඳින්න දෙන්නේ නැහැ /// ඔබගේ මුළු ලිපියම මා කියවා අවසානයේ හිතුවේ ඔබගේ ලිපිය හරියටම හරි කියලා ,, ඔබ කී සියළු කරුණු සත්‍යයි ඒත් ඒ සියල්ල පසෙක තබා .. මේ කොමෙන්ටුව දෙස බැලිමේදී මා බොහෝ කලකිරුණා ඔබේ අදහස ගැන ..

      Delete
    3. ඔමායා දාහක් දේවල් අතරේ තියෙන එක වරදක් දිහා බලන්න එපා.... ඒ වරද ඉවසන්න පුරුදු වෙන්න.. ඊට පස්සේ ඒ වරද ගැන තේරුම් කරන්න... වරද හදා ගන්න කල් දෙන්න.එහෙමයි ප්‍රශ්න විසදන්නේ.. නැතුව එක පාරට කලබල වෙලා නෙවේ...

      කරුණාකරලා තේරුම් ගන්න ...........

      Delete
    4. sahan @වරද ඉවසන්න කියන්නේ ,, කෝරලේ මහත්තයා මට කියපු දෙයක් නෙමේනේ ,, මං සාමානයෙන් හදවතට එකගව ජිවත් වෙන කෙනෙක් .. මං එයාගේ මුළු කතාවම අගය කරනවා , පිරිමියෙක් විදියට ගැහැණුන්ට වෙන මේ අසදරණය ගැන ලිපියක් ලිවිමම පෙන්නනවා එයාගේ අරමුණ..දාහක් දේ අතරේ මා වරදක් දැක්කා ඉතින් මං මොකද කරන්නේ ,,

      Delete
    5. මමත් පිට රටවල ඉඳලා තියෙනවා.. මේක තනික පුරුෂාධිපත්‍ය ඉහට ගහපු. කාන්තාවන් හෙලා දකින් ළිපියක්.. මම වැඩිපුර ලියන්නේ නෑ.. මොකෝ මිනිස්සු මා එක්ක තරහා වෙනවා.. මගේ කොමෙන්ට් එකට රිප්ලයි කරපු කෝරලේ මහත්තයා කියන්නේ 95% වල් කියලා.. එහෙම නම්.. කෝරලේ මහත්තයත් එයාගේ පවුලේ අයත් ඒ කැරගරියටම දාන්න වෙනවා..

      Delete

    6. @ ඔමායා
      මෙහෙමයි නංගි ඔයා දන්නේ නැහැ මම ඒ දේ කිව්වේ ඇයි කියල. දම්මි කියල මගේම යාලුවෙක් එක්ක හොඳට නටපු කාන්තාව ලංකාවට ගිහින් කසාද බැන්දා කසාදෙ මාස දෙකයි කඩාගෙන ආයෙම මෙහෙට ආවා. බද්දේ ගම පැත්තේ කාන්තාවක් මුල් කසාදෙන් දික්කසාද වෙලා මෙහෙ කරනන් තියෙන ඔක්කොම දේවල් කරලා ලංකාවට ගිහින් බැඳගෙන ආයෙම මෙහෙ ඇවිත් අරවම කරනවා කියල අහන්න ලැබුනා. හබරකඩ පැත්තේ බඳින්න ඉන්න ගැහැණු කෙනෙක් ඉන්නවා අවුරුදු 27ක විතර කොල්ල කටාර් මෙහෙ කොෆි ෂොප් එකක වැඩ කරන්නේ කොෆි ෂොප් එකේ සුපර්වයිසර් රෑට රෑට එනවා. කල්පනා කරලා බැලුවම මිනිස්සු වරදේ බැඳෙන්නේ තනිකම හේතුවෙන් එකට මම වරදක් කියන්නෙම නැහැ. මම ඒ දේ කිව්වේ එක පාරක් හරි වරදේ බඳුන කෙනෙක්ට එකෙන් මිදෙන්න බැහැ කියන එක මට පෙනිලා තියෙන නිසයි. අනන් ඒ නිසයි මම ඕනේ කෙලින්ම කියල තියෙන්නේ කෙල්ලෙක් විතරක් තනිවම රටකට එවන්න එපා කියල.




      මම පැහැදිලිව කියල තියෙනවා මෙතන පවුලක් සමග ගීවත් වෙන මිනිසුන් ඉන්නවා බොහොම වැදගත් විදියට

      Delete
    7. මෙහෙමයි මාතලන් අයියේ මෙතන කිසිම පුද්ගලික කොන්තරයක්වත් පුරුෂාධිපත්‍ය ගැන හිතල ලියැපු එකක් නෙවෙයි. ඒ බව මම වගකීමෙන් කියනවා. මොකද මම පැහැදිලිවම කියල තියෙනවා මේකට අපිට කාන්තාවන්ට විතරක් බනින්න බැහැ පිරිමි යන නිසානේ ගැහැණු වරදේ බැඳෙන්නේ. මම මෙතන කියල තියෙන්නේ මම දැකල තියෙන උදවිය. ඔයා රටවල් වල ජීවත් වෙලා තියෙන කතාව ඇත්ත නමුත් ප්‍රශ්නය ඔබට ආශ්‍රය කරන්න ලැබෙන සමාජය.
      "මම නම් පසුගිය වසර 24 පුරාවට මෙහෙ දැකල තියෙන්නේ 95% නරක පැත්ත. පවුල් පිරින් ජීවත් වෙන උදවිය ගැන නම් කියන්න දෙයක් නැහැ"

      මම කොතැනවත් සඳහන් කරලා නැහැ මම කියන්නේ මේ වගේ සම්බන්ද වලින් සෙතක් වෙච්ච කෙනෙක් ගැන අහන්න ලැබිල නැහැ. RTA එකේ වැඩ කරපු මම දන්නා අඳුනන කෙනෙක් නම දෙන්න විදියක් නැහැ. හලාවත ප්‍රදේශයේ. අහිංසක දරු පැටව් දෙන්නෙක්ගේ අනාගතේ අඳුරු වුනේ අනියම් සම්බන්ද කම් නිසා එතන මිනිහ කලේ ඔරිජිනල් ගෑනිගේ නමට මෙහෙ ඉන්න ගෑනිගේ පාස්පෝර්ට් එක හදවල ෆැමිලි විසා තියං ඉඳන් පවුල් කෑවා අර ගෑනි ගෙදර සුද්ද එක්ක ඉන්නවා අතටම අහුවෙලා මේ ඊයේ පෙරේදා නමුත් අර මිනිහට දැන් කරනන් දෙයක් නැහැ මොකද ඔරිජිනල් පවුල කැඩිලා නිසා තනි අතින් කවදාවත් අප්පුඩි ගහන්න බැහැ කියන එක මම හොඳටම දන්නවා මම පෞද්ගලිකවැ තරහක් තියෙන්නේ අපේ රටේ මිනිස්සු එක්ක නැතිව පිට මිනිස්සු එක්ක යන ගෑනු නිසා මොකද මාව පෞද්ගලිකවම ලජ්ජාවට් පත් වෙලා තියෙනවා එවැනි දේවල් නිසා. මම ඊළඟට දාන්න ඉන්න කතාවෙත් තියෙන්නේ කොටු පනිල්ලක් ගැන මිනිස්සු එහෙම කරන එකත් වරදක් මම එකත් පිලිගන්නවා මම කොතනදිවත් ඒක ප්‍රතික්ෂේප කරලා නැහැ. ඒ වගේම ගැහැනුන්ට වරද පටවලත් නැහැ මම ලියල තියෙන්නේ ටක් ටක් ගාල මගේ ඔලුවට ආව අදහස් ටික මිසක් අහල බලල තියෙන ඔක්කොම දේවල් ලියන්න වෙලාව නැති නිසයි එකයි මම කියල තියෙන්නේ අහන් කැමති අය ඉන්නවනම් ඒවත් ලියන්නම් කියල මේ ඊයේ පෙරේද වතුර ටැංකියට වැටිලා මරුන කෙනා ගැනත් නොයෙක් කට කතා යනවා ගෑනු කේස් එකක් කියල. කාගේ කාගේ කිල්ලෝට වලත් හුණු තියෙනවා ගෑනු පිරිමි භේදයක් නැතිව.

      මට කිසිම අවශ්‍යතාවයක් නැහැ මටවත් පවුලටවත් චරිත සහතික ගන්න. ඒ ගැන දන්නා උදවිය හොඳට දන්නවා.

      Delete
    8. @ අපූර්වී

      තව දෙයක් තමයි බැඳලා නැති බඳින වයසේ ඉන්න "කෙල්ලෝ" මෙහෙ ජොබ් වලට ඇවිල්ල ඉන්නවා මම දැකල තියෙන්නේ බොහොම අඩුවෙන් 4% වගේ තමයි. මාගේ ප්‍රකාශයෙන් කාන්තාවන්ට යම් කිසි නිගරු කිරීමක් ඇතිවුනා නම් ඒ ගැන මම සමාව අයදින අතර එහෙම අපහස කිරීමේ අදහසක් මා තුල නොමැති බව කියන්න කැමතියි. මම මේ බ්ලොගේ එක ලිවීමේ අරමුණ මූලික වශයෙන්ම මම දන්නා කියන දේවල් අත්දැකීම් වලින් සමාජය හැකිපමනට දැනුවත් කරලා මේ වෙන දේවල් වලින් එක දෙකක් හරි නවත්වා ගන්න අපි දැන් හදල ඉන්න ඕනේ අනාගතේ හදන්න. මම දැඩිව විරුද්ධයි අපේ රටේ කාන්තාවන් අනුන්ගේ ටොයිලට් හෝදන්න යවන එකට මම කියල තියෙනවා එහෙම වෙන්නේ අසරණ කම තනිකම. අපි තනිවම ඉන්නකොට අපිට හැඟීම් එනවා වැඩියි එක පෘතජන ගතිය මම ඒ තනි කම අවුරුදු 2ක් ඇත විඳලා තියෙනවා ඒ නිසා මම දනන් ඒ වගේ අවස්ථාවල වරදේ බැඳෙන එක අහන් දෙයක් නෙවෙයි. මම කියන්නේ එහෙම අසරණ වෙන්න යන්න දෙන්න එපා කියන එක විතරයි.

      Delete
  18. කතාව නම් සහතික ඇත්ත!! දැන් කාලේ ගොඩක් මිනිස්සු බලන් ඉන්නේ ගෑනි රට යවලා එවන සල්ලි වලින් සැපට ඉන්න.. ගෑනිට හෙන ගැහුවත් තමන්ගේ බඩ පුරවගන්න ජාතියේ මිනිස්සු ඕන තරම් මේ සමාජේ ඉන්නවා!

    ReplyDelete
    Replies
    1. දැන් මෙව්වා නවත්වන්න කාලේ හරි කුරුළු. අවුරුදු තිහ අතලිහක ඉඳල මේ අරාබි හැත්ත අපේ ගැහැණු ටික හූරන් කනවා ගමේ රෙද්දයි හැට්ටෙයි ඇඳ සිරියාවතී ආපහු ගෙදර එන්නේ ශිරානි වෙලා පොෂ් වෙලා මිනිහ දරුවා අමතකයි. එහෙම කොන්ද පණනැති මිනිස්සු ගෑනි එවන සල්ලි වලින් වෙනත් ගෑනු නඩත්තු කරමින් බීමට වැයකරනවා සල්ලි ඔක්කොම පවුලේ දියුණුවක් වෙන්නේ කොහොමද?

      Delete
  19. ඔබේ ලිපියත් සමග එකඟයි. මොකද ඔහොම රට ගියපු ඇත්තෝ ඉන්න පවුල් විනාශ වෙලා තියන හැටි මමත් දැකලා තියනවා. පුංචි දරුවන්ට අම්මලාගේ ආදරේ අවශ්‍යම කාලේ නොලැබුණාම ඒ ළමයි මානසිකව ඇදවැටෙන එක අහන්නත් දෙයක්ද? මේ ගැන දැන දැනත් රට යන අය ඉන්නවනෙ අගහිඟකම් වැඩි නිසාම....

    ReplyDelete
    Replies
    1. නංගි මම දන්නා පවුලක් ඉන්නවා 1989 ඉඳලම මාසෙට රුපියල් 50000 ඒ මනුස්සයාගේ පඩිය ළමයි දෙන්නටම මෙහෙ ඉස්කෝල වලින් උගන්වල ටිකක් දුරපත්තකින් කාමරයක් කුලියට අරගෙන අරපිරිමැස්මෙන් වියදම් කරලා ජීවත් වෙන මිනිස්සු අර මනුස්සයාගේ පඩියෙන් 1/3 ක්ම යන්නේ ළමයින්ගේ ඉස්කෝල වලට දැන් ලොකු දුව BBA කල ලංකාවේ මහරාජා එකේ වැඩ කරන්නේ පඩිය ලක්ෂෙකට වැඩියි මගේම වයසේ දැන් ඒ දෙමව්පියෝ සතුටු වෙනවා එයාල එදා ගත්ත තීරණේ නිසා. ගෑනියි මිනිහයි දෙන්නම එකතුවෙලා හම්බ කරලා ළමයින්ට උගන්වල පියවරෙන් පියවර දියුණු වෙලා

      Delete
  20. ඔය වර්ගය මෙහෙත් ඇති තරම් ඉන්නවා මලයො.. මේ ලගදි දුම්රියේදිත් දෙන්නෙක් අදුනගෙන කරේ නගින්නම ආවා...මම සාමාන්‍යයෙන් මේ රටේදි ලංකාවෙ අය දැක්කත් ෂේප් වෙලා යනවා කථාවට යන්නෙ නෑ...සෙට් උනොත් ඇණයක් වෙන බව කියන්න ඕනෙ නෑනෙ...පුද්ගලිකව මම මෙහෙම සැට් වෙන ගෑණුන්ගෙන් කිසිවක් ලබා ගන්න උත්සාහ කරන්නෙ නෑ...ලංකාවෙ තිබ්බ ප්‍රතිපත්ති මෙහෙත් අනුගමනය කරගෙන යනවා....මේ නිදහස අයුතු ලෙස පාවිච්චි කරලා ලෙඩ රෝග වගේම ජීවිතේ අනාථ කරගත්ත කීප දෙනෙක්ම මම දැකලා තියෙනවා...මොහොතක සුවයට ඇයි අපි ජීවිතයම උකස් කරන්නෙ...

    ReplyDelete
    Replies
    1. මේ ලගදි දුම්රියේදිත් දෙන්නෙක් අදුනගෙන කරේ නගින්නම ආවා... (ටෙලිපොන් නොම්මරේ අහගත්තැයි ?)

      Delete
    2. නොදීම ඉන්ඩ ඇති

      Delete
    3. මටත් තියෙනවා ඔය වගේ සීන් ට්‍රේන් එකේ එද්දී එහෙම මම නම් සංවාදයේ පලවෙනි මිනිත්තුව ඇතුලත කියනවා මම බැඳලා වයිෆ් එක්ක ඉන්නේ කියන එක.

      @ මැලේ රාල අපරාදේ නේද රාලේ?

      @ අටම්

      Delete
  21. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මේ අපි හොඳටම දන්නා කාන්තාවක් හිටියා ඉන්න තැනින් පැනල ඇවිල්ල අපි අඳුනන තැනක නැවැත්තුවා ඒ ගෙදර වයසක අන්කල් වත් සෙට් කරගෙනයි මෙකි අන්තිමට ගියේ අදටත් අපිට මුහුණ දෙන්න බැහැ ඒ ගෙදර මිනිස්සුන්ට

      Delete
    2. මචන් කෝරළේ උඹත් දැකලා ඇති මාත් දැකලා තියෙනවා අනන්ත සිදු වීම්.. මම නම් ජීවිතේට ළිඳට වැටුණ කෙනෙක්ගෙන් සතුටක් අරන් නැහැ. එහෙම අද්දැකීමක් ගැන දැනගත්තම කරන්නේ අනිත් අයවත් දැනුවත් කරන එක ලෝකේ මෙහෙමයි කියලා..

      ඇයි මචන් කරන කියන හැම දේම නුහුරට යන්නේ... මට නම් තේරෙන්නේ නැහැ ඇයි මෙහෙම වෙන්නේ කියලා.. ශික් ....

      Delete
    3. මම තදින් විශ්වාස කරන දෙයක් තියෙනවා. ඒක කිව්වම මට හිනහ වෙයිද දන්නේ නැහැ (මොකද කිහිප දෙනෙක්ම එහෙම කරලා තියෙන නිසා. සහන අහල තියෙනවද කොසොල් රජතුමා දැකපු හීන??? මම විශ්වාස කරන්නේ ඒ හීන ඇත්ත වීගෙන එනවා කියල ඇත්තටම එතුමා එදා හීනෙන් දැක්කේ ලන්කාවදෝ කියල මට වෙලාවකට හිතෙනවා. උදව්වක් කරාම අර වගේ දෙයක් වුනාම අපි ආයේ කොහොමද කෙනෙක්ට උදව්වක් කරන්නේ.

      Delete
    4. http://chithula.blogspot.ae/2013/11/18.html?showComment=1384155380357#c1738458143546846873 ලින්ක් එක බලන්න

      Delete
  22. අබුඩාබියේ දීය, දයාබර ස්වාමිනී ......
    කිලිටි වූ ගැහැනියක ලෙස ඔබට ලියන්නෙමි.
    නොකිලිටිව ඔබ සැවොම අහෝ රැක ගත නොහැක.
    මගේ පවු සමාකර මේ ලිපිය කියවන්න.....

    අරාබියෙ මොලේ නැති කාලකන්ණින් සමග,
    වැතිර හිඳ වෛරයේ ගිනි ගොඩේ පැහෙන්නෙමි,
    මා සිරුර මගේ නොව අනුන්ගේ යැයි සිතා,
    දිරාමය දිරාමය ගණන් කර බලන්නෙමි.

    මේ අපා දුකට මා පත් කලේ මගේ රටයි,
    මගෙ රටේ මහ එකාලයි උන්ගේ පන්තියයි,
    එන්ට හැකි නම් උන්ට කරන දේ දන්නවා,
    ගමන් බල කරදාසි අරාබියෙ උන් ලඟයි.

    අනුන් හට අත නොපා දිවිගෙවූ ජාතියක්,
    කාණු හෝදන්න නොරටට යැවූ අය කවුද,
    උන්ට හෙන හත වැදී නැසේවා...... නැසේවා....
    මම ඔබේ ප්‍රියාදර,
    …පියවති ස්වාමිනි.

    ගැයුම - විශාරද නන්දා මාලිනී.

    ReplyDelete
    Replies
    1. වටිනා පද පෙළක් ජෝන් අයියේ. මම නම් ඔය ගීතය අහල නැහැ. ඩවුන්ලෝඩ් කරන අහන්න ඕනේ

      Delete
    2. මට මතක හැටියට "සත්‍යයේ ගීතය" ඇල්බම් එකේ ඕක තිබුනේ

      Delete
    3. මී මැස්සා හරි යු ටියුබ් එකේ හරි බලන්න ඕනේ

      Delete
  23. රට කොහොම වෙතත් දැං ලංකාවෙත් ගෑණිව ජොබ් එකකට යවන්න බැරි තත්වයක් තියෙන්නෙ :(

    ReplyDelete
    Replies
    1. ඒ ඔක්කොම යසියෝ අපේ සධාචාරේ දියුණුවෙන ඉක්මන නිසා තමයි. ආශ්චර්යමත් ශ්‍රී ලංකාවක් :(

      Delete
    2. මෙහේ වෙන ඒවත් සුළු පටු නෑ.

      Delete
  24. ඔය කොයි රටෙත් අපේ උන්දලාගේ හැටි ඔහොම තමයි.... මට ජෝඩු බර ගානක් මෙහෙදී හමුවෙලා තියෙනවා තමන්ගේ විවාහයේ ඇති නුසුදුසුකම් නිසාම සමාජයෙන් හැන්ගෙන්නම මෙහෙ ආපු අය..... මමත් ඉදිරියට ඒවා ගැන පොස්ට් එකක් දැන්නම් ගොඩක් විස්තර කට්ටිය විශ්වාස එකකුත් නෑ

    ReplyDelete
    Replies
    1. මෙහෙත් වෙච්ච ඒ වගේ සීන් එකක් තියෙනවා. අන්තිමට මිනිහට හිරේ යන්න වුනා පවුම් බාගේ චෙන් එකක් ගත්ත කියල තමුන්ගේ සුජාත දුවට හොර ගෑනි අන්චිය ඇදලා.

      Delete
  25. මම කියන්නේ මෙහෙම අය ඉන්නවා තමයි. හැබැයි ඒ සුළු කොටසයි. මෙන්න මේ සුළු කොටස තමයි අපිට සමස්ථ ප්‍රතිරූපය කියා හැඟෙන්නේ. කෝරලේ කියනවා වගේ අන්තිම ජරා චරිත ඉන්නවා. අම්මාවයි, දුවවයි දෙන්නවම තියාගෙන හිටිය නසරානියෝ මම දන්නවා. කෝරලේ කාලයක් මිඩ්ල් ඊස්ට් හිටියොත් ඔය ඛේදවාචකය වෙනත් ඇහකින් පෙනෙයි. හාම්පුතාගෙන් බේරෙනවාට වඩා අමාරුයි අපේ අයියලාගෙන් බේරෙන්න.

    උන් හම්බ කරන සල්ලිවලට හරි ක්‍රමවේදයක් හදලා දෙන්නේ නැතුව රටවිරු ඩෙඟා බයිලා නටලා නම් මේ ප්‍රශ්නේ විසඳන්න බැහැ.

    අපි මුලු පවුලම අවුරුදු 12ක් ඕමාන් හිටියා. මේ විපත මැනවින් දුටුවා. මුලු පවුලම හිටියා කියලා ලිව්වේ, නැත්නම් උඹ හිතයි මමත් ඒ අහිංසකයින්ට අයියා පස්සේ ඔබපු එකෙක් කියලා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අයියේ මම මේ පා තබන්නේ 24 වෙනි අවුරුද්ද ඩුබායි වල. නමුත් අවුරුදු 48ක පමණ කලකිරීමක් තිබෙනවා. මම ජීවත් වෙන ජුමෙරා කියන ඒරියා එකට කියන්නේ පුංචි ලංකාව කියල මොකද ඒ තරම්ම ලංකාවේ උදවිය ඉන්නවා.

      මගේ මාමගේ පුතා දමියා ඌ වැඩ කලේ ප්‍රින්ටින් ප්‍රෙස් එකක ඩිසයිනර් කෙනෙක් විදියට ඌට හිටියා යාලුවෙක් රොෂාන් කියල ඌත් ඔයවගේ අම්මට ගේම දෙන්න ගිහින් දූටත් කරලා ඇවිල්ල අන්තිමේ දවසක් ඇර දවසක් දෙන්න ලඟට යනවලු. ඒ විතරක් නම් මදැයි අපේ දමියල වගේ උගේ හිතවත් යාලුවොන් වත් අරන් ගිහිං චාන්ස් එකක් දෙනවලු. අර දුව නම් පැනළලු එන්නේ.

      අපි මේ අපේ රටින් පිට යන ෂම බලකාය රට ඇතුලෙම තියාගෙන ඒ අයව කුමන හෝ ක්ෂේස්ත්‍රයක රැකියාවක් දීලා ලංකාවේ තියාගත්තා නම් අපේ රටේ දල දේශීය නිෂ්පාදනය වැඩිකරගන්න පුළුවන් මෙයිට වැඩිය.

      පවුල් පිටින් ඉන්න එක තමයි ආරක්ෂා කාරීම දේ. ගෑනු කෙනෙක්ට උනත් පිරිමි කෙනෙක්ට වුනත්.

      Delete
    2. ඕකට කියන්නේ ගහෙන් නැගල අත්තේන් බහිනවා කියලා.

      Delete
  26. අන්තිම ඡේදෙ ගොඩක් වැදගත් කෝරලේ, හිතල බලල වැඩ නොකරන අපේ පිරිමින්ට.

    ReplyDelete
  27. අහම්බෙන් ආවේ ,,, නියමෙට ලියල තියෙනව , ඈත්ත තමා ලියලා තියෙන ගොඩක් දේවල් , දිගටම අන්නම්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සහෝ :) එන්න එන්න වලව්වට සාදරයෙන් පිලිගන්නවා. :)

      Delete
  28. මෙහෙම රට ගිය කාන්තාවකගේ අත්දැකීමක් තරුණයා පත්තරේ ගොඩක් කාලෙකට කලින් ගියා. සමහරු රට ගිය අය ඇවිත් කියන රස කතා නිසාම රට යනවා, මොකද තමන්ගේ සැමියා ඉන්නකොට වෙන වැඩ සෙට් කර ගන්න බැරි නිසා. මේක හොඳ මාතෘකාවක් දිගටම ගෙන යන්න.

    ReplyDelete
    Replies
    1. අර ප්‍රියාගේ අඩවියේ තිබුනා මිනිහා ආමි එකේ ඉන්න ගෑනියෙක් අවුරුදු 14 කොල්ල අවුරුද්දක් තිස්සේ අපචාරයට ලක් කරලා කියල

      Delete
  29. මලයගෙ ලිපිය හරි වටිනවා.දිගටම මෙවැනි ලිපි ලියන්න.
    කොහොමත් රජය නිසි වැඩ පිළිවලක් ක්‍රීයාත්මක කලයුතුමයි.
    සමහර රටවල භාෂාව පවා පුහුණු කරලයි රට වලට යවන්නෙ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කෙන්ජි අයියේ :)
      අපේ රජයේ ඇති කොන්ද පණ නැති ප්‍රතිපත්තියක් නොමැති කම නිසයි අපිට කෙල වෙන්නේ
      ඔය මෙහෙටත් එන්න කලින් ට්‍රේනින් එකක් කියල අහවල් එකක් කොරවනවා මෙලෝ රහක් නැහැ ඇති ප්‍රයෝජනයකුත් නැහැ.

      Delete
  30. මේ සත්‍යය ,නමුත් සත්‍යය කටුකයි මිත්‍රයා, කටුක සත්‍යය හෙළි කරනවාට බොහෝ දෙනෙක් අකමැතියි , වැඩි දෙනකුට අවශ්‍ය "අපේ කාන්තාවන් මේ තත්වයට වැටෙන්නේ අසරණකම නිසාම පමණයි " කියන කතාව අහන්නට පමණයි. කැමැත්තෙන් මේ දේට කාන්තාවන් පෙළඹෙනවායයි කියන එවුන්ට එරෙහිව අවි අමෝරාගන්න්ටත් ඔවුන් ලෑස්තියි, පරිස්සමින්

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි ඉවාන් මම මේ ලියල තියෙන්නේ අවුරුදු 24ක් ඇතුලත ඩුබායි වල මගේ ඇස්දෙකින් දැකපු කන්වලින් අහපු දේවල්. ඔය අසරණ කම නිසා එහෙම වෙන්නේ බොහොම සුලුතරේකට පමණයි. මට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් මේ ගැන

      Delete
  31. මම නං බැලුවේ නැහැ...

    ReplyDelete
    Replies
    1. උඹ පොඩි එකානේ අයියේ. නරක වෙයි මෙව්වා බලල.

      Delete
  32. රට ගිය අයට වෙච්ච සිද්ධි ඇහෙන දකිනකොට මොකට රට යනවද කියලා හිතෙන වෙලාවලුත් නැතුවම නෙමේ.. !

    ReplyDelete
    Replies
    1. සමහර මිනිස්සු රට යන්නේ තමන්ගේ අරමුනවත් දන්නේ නැතිව. නිසි අරමුණක් නැතිව යන කෙනෙක්ට වරදින්න වැඩිවෙලා යන්නේ නැහැ.

      Delete
  33. මේකේ උළුප්පලා පෙන්නලා තියෙන දේවල් වලට අයත් වෙන්නේ බොහොම සුළු පිරිසක්.. ඇත්ත මොන දේත් හොඳ දේ වගේම නරක දේත් තියෙනවා. මේ කෙනෙක් නරක දේවල් ලෙස දකින දේවල් නම්. මම දකින්නේ මිනිසුන්ට් මිනිසුන් ලෙස ජීවත් වෙන්න ලැබුනම ගතකරන බැඳිම් වල තොර නිදහස් ජීවීතය කියලයි.. ඔය හැම දේටම පුරුෂයෙකුත් සම්බන්දයි.. එතනිද ගෑණු පිරිමි බේදයක් මම නම් දකින්නේ නෑ. පොදුවේ මිනිස් සිතුම් පැතුම් නිදහසෙ බුක්ති විඳිමක් තමයි වෙන්නේ. නමුත් කනගාටුවට කරුණ, ඔවුන් දැණුවත් කිරීමක් නොකොට. එවා වලිනුත් ආතල් ගැනීමයි..

    ReplyDelete
    Replies
    1. මම නම් පසුගිය වසර 24 පුරාවට මෙහෙ දැකල තියෙන්නේ 95% නරක පැත්ත. පවුල් පිරින් ජීවත් වෙන උදවිය ගැන නම් කියන්න දෙයක් නැහැ. නමුත් මෙහෙ තනිවම ඉන්න උන් වෙනම පවුල් කනවා. ප්‍රශ්නේ එක නෙවෙයි. මෙව්වයින් ලෙඩ බෝකරන් එනවා ලංකාවට මොකද මෙහෙ ඉන්න ගොඩක් පිරිමි යනවා චයිනිස්,රෂියන් බඩු ලඟට කීයද ඩිරාම් 30 ඉඳල ඉන්නවා. උන්ගෙන් එන ලෙඩ අනිවා මේ ගෑනුන්ටත් එනවා. මිනිස්සුන්ගේ ගෑනුන්ටත් බෝවෙනවා. අනෙක තමයි මේ පවුල් වල ළමයි පොඩි කාලෙම අහන්න ලැබෙන දේවල් මෙවැනි දේවල් ආරංචි වුනාම අනිවාර්යයෙන්ම ළමයින්ගේ තාත්ත වුනත් ඒ ගෑනිව හඳුන්වන්නේ ඇය වෙසියක් කියන නමින් මේ දේවල් පොඩි කාලේ ඉඳන් ඔලුවට වැටිලා ඒ ළමයින් මානසිකව විකෘර්ති වෙලයි සමාජෙට එන්නේ.

      Delete
  34. කෝරලේ මහත්තයට කියන්න...ඇත්ත කතාව..ගම්වල ගත්තම ඔයවගේ කාන්තාවන් කොච්චරනම් ඉන්නවද?ඒත් ඔවුන්ගෙ හදවතට කතාකරල බැලුවම හිතන්නත් අමාරුයි..ඇන ගහල පුච්චලා කොච්චරනම් අපේ කාන්තාවන්ට හිරිහැර කරනවද...මේවට ඉහළපෙලේ නිලධාරීන් මොනවහරි විසදුමක් ගත යුතුමයි.

    ReplyDelete
    Replies
    1. ඒ ගන්න තියෙන පියවර තබන්න ලොකු බයක් ලොකු ලොකු ඇත්තන්ගේ හිත වල තියෙනවා උන්දලාගේ මඩිය තරවෙන එකක් නැහැයි කියන බය තමයි උන්දලාට තියෙන්නේ

      Delete
  35. හරිම දුක්ඛිත තත්වයක් තමයි..දෙන්න හරි හමන් විසඳුමක් නැති..හොඳම දේ පුළුවන් තරම් මේ රටෙන්ම ගොඩ යන්න දඟලන එක තමයි...

    ReplyDelete
    Replies
    1. මේ සිටින උසස්යයි සම්මත ජොබ් කරන උදවියගේ අදහසත් ඔඅකම තමයි ලංකාවේ විට කඩයක් දාගෙන ජීවත් වුනත් සැපයි කියන එක මෙහෙට කඹුරනවට වැඩිය

      Delete
  36. // රට ගිය ගෑණුන්ට පුදුම අමාරුවක් තියෙන බව //// @සයිලන්ට් sahan

    // මම නම් මම දන්නා කියන එකෙක්ටවත් රට ඉඳල ආව කෙල්ලෙක් නම් බඳින්න දෙන්නේ නැහැ // @කෝරලේ මහත්මයා
    ///මේ ලගදි දුම්රියේදිත් දෙන්නෙක් අදුනගෙන කරේ නගින්නම ආවා..//@සිරා


    ඔයාගේ ලිපිය පුරා තියෙන්නේ ඇත්තම ඇත්ත ..ගොඩක් වටිනා ලිපියක් කෝරලේ මහත්තයෝ ...සල්ලි වලට කෑදර මිනිස්සු ඒත් ගැහැණිය සහ පිරිමියා ලෙස ලෝකය දිහා මම නම් බලන්නේ නැහැ ..නරක වැඩ කරන කෙනා කොහේ ගියත් කරනවාමය.... නොකරන කෙනා කරන්නේ නැත. එසේම මැද පෙරදිගදී එසේ අකමැත්තෙන් උවත් කරන්න සිද්ද වෙන එකත් වෙනවාමය ..මා අදුරන බොහෝ වැඩිහිටි කාන්තාවෝ ඉන්නවා එයාලට ලංකාවේ අපේ වයසේ ළමයිනුත් ඉන්නවා ඒත් මෙහෙ ඉන්න අපේ රටේම අපේ වයසේ පිරිමි කෙනක් එක්ක ජිවත් වෙනවා , ඔහුට වියදම් කරනවා.. ඒ වගේම දැනට සති 2 කට කලින් පාරක් එකකදී හම්බුනා අවුරුදු 49 ක කෙනෙක් එයාට ඕනේ උනා මට කියලා එයාගේ එක එක ඉරියවු වලින් ෆොටෝ ගන්න .. පස්සේ එයා කිවේ ඒවා කොරියාවේ ඉන්න එයාගේ බෝයි ෆ්රෙන්ඩ්ස්ලට දෙන්නලු... උපන්දිනේට වීඩියෝ එකක් හදන්න .. ඒ වගේම මටත් අරාධනා කළා පෙම්වතෙක් හොයාදෙන්න ... එයාට 4 දෙනෙක් ඉන්නවලු ,, ඒ එක්කෙනෙක් තඩි ගැලක්සියක් එවලා ඇයට මං ඉතාම පැහැදිලිව තේරුම් කළා ජීවිතය වරද ගන්න එපා කියන එක , නමුත් එයාගේ උත්තරේ උනේ "පිස්සු නැතුව ඉන්න නංගි මේ ඉන්න ටිකේ ෆන් එකේ ඉන්නවා මිසක් විකාර කියන්න එපා කියලා "..
    එසේ නරක ජිවිත ගෙවන ගැහැණුන් එසේ ගෙවන්නේ අගහරුගෙන් හෝ ප්ලුටෝ ගෙන් ආපු පිරිමින් සමග නෙමේ ,,, මේ ලෝකය දිහා සහ මේ වගේ දේවල් දිහා ගැහැණුන් පිරිමින් ලෙස නොබලා යහපත් සහ අයහපත් මනුස්සයන් ලෙස දකිනවා නම්....

    ReplyDelete
    Replies
    1. ඔමා ඔයා වරදවා වටහාගෙන තියෙනවා මම අරූගේ අඩවියට දමපු කොමෙන්ටුව බලන්න එතන මම සඳහන් කරලා තියෙනවා මම හොඳටම දන්නා පිරිමි කෙනෙක් ගැනත් මෙතන දෙපාර්ශවයේම වැරදි තියෙනවා. මම එක පැත්තකට දොස් කියන්නේ නැහැ. නමුත් මෙහෙ ඉන්න කාන්තාවන් තමයි වැඩි ප්‍රමාණයක් වරදේ බැඳෙන්නේ. මම වෙන රටවල් ගැන කියනන් තරම් දැනීමක් නැහැ. නමුත් මෙහෙ ඉන්න කාන්තාවන් ඉන්නවා මලබාරි තියං පකිස්තාන් කාරයෝ තියං.

      Delete
    2. හ්ම්ම් සමාවෙන්න අයියේ ඔව් ඒක ඇත්ත ,, මෙහෙත් ඔය විදිය අනේ මන්ද අප්පා..

      Delete
    3. හොඳම උදාහරනේ අපේ කාමරේට කාමර දෙකක් එහායින් ඉන්න තොට ළඟ අක්කා. දැනට කාලෙකට කලින් මේ ගෑනි කතාවක් යවල තියෙනවා මගේ වයිෆ්ව මම තියං ඉන්නවා කියල. පස්සේ ඔය කතාව මගේ කනට වැටිලා මම මට කිව්ව කෙනාවයි විවාහ සහතිකෙයි වයිෆ්වයි අරන් ගිහින් කියල දුන්නා. ඒ වගේම කියල ආව තමුන්ගේ කුණු වහගන්න අනුන්ගේ කුණු අවුස්සන්න එපා කියන එක. ඔය ඩුබායි ආවොත් ඔයාට පුදුම හිතෙයි ලොකු කල කිරීමක් ඇතිවෙයි. සමහර දේවල් තියෙනවා මම මගේ පෞද්ගලිකත්වය ගැන හිතල කියන්නේ නැහැ මට ලැජ්ජයි. නැත්නම් අර සිරා කියනවා වගේ ඇඟට ගොඩ වෙන්න එන්නේ කාර් කටුවක් තියෙනවනම් සල්ලි ටිකක් ගැවසෙනවා පේනවනම් මෙහෙ ඉන්න අක්කලාගෙන් ගැලවෙනවා බොරු.

      Delete
    4. මේක ඒ පෞදගලික තරහා පිරිමහ ගන්න ළියපු ලිපියක් කියලා හොඳට තේරෙනවා..

      Delete
    5. හයියෝ මට ඇති කිසිම තරහක් නැහැ. මම තරහ අරන් ඇති පලක් තියෙනවාද මට කෙනෙක් ගැන තරහක් තියෙනවා නම් මේ ලිපියක් ලියල ඒ කෙනාට රිදවන්න බැහැ මොකද ඒ පුග්ගලයින්ට මේ ලිපිය පෙන්නේ නැති නිසා. මගේ සිරිතක් නැහැ කෙනෙක් එක්ක තරහ වෙලා වටේ කියව කියව යන්න. මම කියන්න ඕනේ දේ ඒ ගෑනිගේ මූණටම කිව්ව කට්ටිය මැද්දෙම. මට කිසිම පාඩුවක් සිදුවෙලා නැහැ. ඒ කියමන හේතුවෙන්. මට ඒ කතාව මතක් වුනෙත් ඔමාගේ මේ කොමෙන්ටුවෙන්. මේ ලිපිය ලියන්න මට අදහසක් ආවෙත් රාජ් අයියගේ පොස්ට් එකෙන් පස්සේ. මෙතන කිසිම කෙනෙක්ගේ නම් ඇත්ත ඒවා නෙවෙයි ඒ නිසා ඒ පුද්ගලයන්ව ප්‍රශ්නයක් වීමක් වෙන්නෙත් නැහැ. මම පැහැදිලිව කියන්න කැමතියි. මෙතන කිසිම පුද්ගලික කෝන්තරයක් නැහැ

      Delete
  37. කෝරළයගේ කතා ටිකයි ඔමාගේ තර්කෙයි කියෙව්වම මට හිතුන දේ තමයි දැනට තියෙනවනේ කොල්ලො නං කිරෙන් නාවලා ගෙට ගන්න පුළුවන් කතාවක්... ඒ කතාවටම ගෑණු රට යැව්ව නං කිරෙන් නාවලා ගෙට ගනිල්ලා කියලා වෙනස් කළා නං හරි... මොකද ඇත්ත තත්වෙ ඒකයි... නීති රීති බැඳීම් හින්දා තද කරන් ඉන්න ඒවා, අවස්ථාව ලැබුන ගමන් වෙනස් කරන්න පුලුවන්.. හදන්න ඕනෙ ඔලු මිසක් නීති නෙවෙයි...

    ReplyDelete
    Replies
    1. ඒ මොල ශෝධනය කිරීමේ ප්‍රධාන තැනක් ගන්නවා සංගීත සන්ධර්ශනයි, පෙන්තකොස්ත සභාවයි. ඒ තැන් වලින් තමයි වැඩි දෙනෙක් සෙට් වෙන්නේ. මම ට්‍රයි කරන්නම් මේ පිළිබඳව පින්තූර සහිත පොස්ටුවක් දාන්න

      Delete
  38. hama arabi ratakama mehema thamai.. harima dukai

    ReplyDelete
    Replies
    1. අසරණ කම මත එහෙම වෙන එක එකක් කැමැත්තෙන් යන එක තවත් එකක්

      Delete
  39. // කසාද බැඳීමෙන් පසුව පවුලේ වගකීම පැටවෙන්නේ පිරිමියාගේ කරපිටයි. එයට තමන් මුහුණ නොදී රට සල්ලි සොයන්න තම බිරිඳව යැවීම යනු මුදලට ඇය විකිණීමක් ලෙස මා දකිනවා//

    මේ තමයි ලිපියේ වැදගත්ම කොටස.

    ReplyDelete
    Replies
    1. :) කාලෙකින් දැක්කේ අයියව.

      Delete
  40. මෙතනත් බොහොම හොඳ සංවාදයක් ඇතිවෙලා තියනව. අලුතෙන් කියන්න දෙයක් නෑ. ආ..... පබ්ලිසිටියව තැන්ක්‍යු.

    ReplyDelete
    Replies
    1. යු ආර් වෙල්කම් කිවා......... මේ ගැටලුවට හරි හමන් වැඩ පිළිවෙලක් යෙදුවනම් මේ ඔක්කොම කේස් ඉවරයි

      Delete
  41. දුක තමයි රංජනී කිව්වලු...
    මේක තමයි අරාබියට යන අයගේ ඇත්ත කතාව. ඒත් යන හැමෝම හොඳයි කියනවා ඇරෙන්න මේ කතාව ගියපු කවුරුත් කියන්නෙ නෑ. ඒ ඇත්ත එලිවන නිසා

    ReplyDelete
    Replies
    1. ඒ හොඳයි කියන්නේ තව එකෙක්වත් අමාරුවේ දාන්න මිසක් කෙනෙකුට උදව්කරන චේතනාවෙන් නෙවෙයි.

      Delete

ඔයාල කොම්මෙන්ට් එකක් දාන්න වැය කරන තප්පර ගානත් ඔයාලට වැදගත් කියල මම දන්නවා එත් ඔයාලගෙන් අදහසක් මේ පිළිබඳව ලැබෙනවා කියන්නේ මට ඉදිරියටත් ලියන්න හොඳ මොර්ටිවේෂන් එකක් ලැබෙන එක. ලියන්න කල් මදිනම් තිතක් තියල යන්න එතකොට මම දන්නවා ඔබ මෙය බැලු බව. ස්තූතියි.........

Related Posts Plugin for WordPress, Blogger...